theleaderlk 01

 ව්‍යවසායක ධම්මික පෙරේරා පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කර ඇති බැවින් අගමැති දිනේෂ් ගුණවර්ධනට පොහොට්ටුවේ

ජනාධිපති අපේක්ෂකත්වය බාර ගන්නා ලෙස පොහොට්ටු පක්ෂ නායකයින් ගෙන් ඉල්ලීමක් ලැබී ඇතැයි අගමැති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇතැයි ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

මේවනවිට නාමල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටු කණ්ඩායම ජනාධිපති අපේක්ෂකයෙක් සොයා ගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

මේ අතර පොහොට්ටු මුලස්ථාන ආරංචිමාර්ග පවසන්නේ, ධම්මික පෙරේරා ජනාධිපති ධුරයට ඉදිරිපත්වීම ප්‍රතික්ෂේප කරන්නේ නම් පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ සුදානමක සිටින බවයි.

කෙසේවුවද දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ ධම්මික පෙරේරා ජනාධිපති සටනින් ඉවත්ව ඇතැයි පලවන වාර්තා ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේම ප්‍රචාරක අංගයක් වියහැකි බවයි.


WhatsApp Image 2024 08 06 at 6.31.34 PM

පොහොට්ටු අපේක්ෂකයා ප්‍රකාශ කිරීම හෙට


කෙසේවුවද මිට ඉහතදී සැලසුම් කර පරිදි ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම හෙට (07)  පෙ.ව 7.00 බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී සිදුකෙරෙන බව එම පක්ෂය නිවේදනය කර සිටියි.

පක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, පක්ෂ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්
ඇතුළු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඊට අදාල උත්සවය සිදුකෙරෙන බවද එම පක්ෂය නිවේදනය කර සිටියි.

SLPP 2024.08.09

සබැඳි පුවත් :
ධම්මික පෙරේරා ජනාධිපති සටනින් ඉවත්වේ ?.

pe2024 2

worky sin

නවතම පුවත්