ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව
සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත පත් කර ඇත.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3)හි විධිවිධාන අනුව, 2024 අගෝස්තු 02 වැනි දින තේරීම් කාරක සභාව මඟින් එම කාරක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත නම් කරන ලද බව ද කථානායකවරයා ඊයේ (06) නිවේදනය කළේය.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යි.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධූරය මේ අනුව පුරප්පාඩු වන්නේය.