theleaderlk 01

සමස්ථ ලංකා මහජන කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන අපේක්ෂකයා ලබන 14 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර තිබේ.


එම පක්ෂයේ නායක රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයා සඳහන් කළේ, පක්ෂයේ උත්තරීත මණ්ඩලය ඊයේ දිනයේ රැස්වී පැය 6කට අධික කාලයක් සාකච්ජා කිරීමෙන් දී මෙම තීරණය ගත් බවයි. 

මේ අනුව, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළකිරීම සඳහා හෙට (08) දිනයේ එළිදැක්වීමට නියමිත සමගි ජන සන්ධානයට සමස්ථ ලංකා මහජන කොංග්‍රසය සහභාගී නොවනු ඇත.

''ආපහු රිවස් ජියර් එකේ යන්න බෑ''

"අපේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලය පුළුල් සාකච්ඡාවක් කළා ජනාධිපතිවරණයේ දී කාට සහාය දෙන්න ඕනේ කියලා. ඒ අනුව අපි තීරණයකට ආවා ලබන 14 වෙනිදා උදේ 10ට අපේ අවසන් තීරණය තීන්දුව ගන්න. අපි දැනටත් සමගි ජන බලවේග සන්ධානයේ ඉන්න නිසා ඒ රැස්වීම්වලට අපි සහභාගී වෙනවා. ඒ වෙලාවේ දී සමගි ජන බලවේගය පක්ෂයට අපේ සහාය ලබාදෙන්න කියලා ඉල්ලීම් කරලා තියෙනවා. ඒ වගේම දැන්  ඉන්න ජනාධිපතිවරයාත් එතුමාට සහයෝගය ලබාදෙන්න කියලා අපිට ලියුමක් එවලා තියෙනවා. අපි කියන්නේ දැන් තියෙන ආර්ථිකය අපි ආරක්ෂා කරගන්න ඕනේ. ආපහු රිවස් ජියර් එකේ යන්න බෑ." යයි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයා පැවසිය. 

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාරදීමට නියමිතව ඇත්තේ අගෝස්තු 15 දාටය. 

(මුලාශ්‍රය - adaderana.lk)


pe2024 2

worky sin

නවතම පුවත්