theleaderlk 01

ජනාධිපතිවරණයේදී සිය වගකීම බවට පත්වූයේ ‘සූට්’ ගැළපෛන කෙනකුට මසා දීම බවත් එහෙත් ඇඳුම බලෙන් ඇන්ඳවිය නොහැකි බවත් පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාපක්ෂ පවසයි.


''ධම්මික පෙරේරා ගේ වෙනස් වීම එතුමාගෙන් අහන්න. මට පැවරිලා තිබෙන වගකීම මම ඉෂ්ඨ කරනවා'' යයි ද ඔහු සඳහන් කළේය. 

ජනාධිපතිවරණයට තරග කිරීමට සැලැස්මක් නොතිබුණත් අභියෝගාතාමක අවස්ථාවේ පක්‍ෂ කළ ඉල්ලීම භාරගත් බවත් නාමල් රාජපක්‍ෂ පැවසීය.

ජනාධිපති අපේක්‍ෂකත්වයට පත්වීමෙන් පසුව ඔහු එසේ පැවසීය.

 

C0010781 01.04 04 25 08.Still034
මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළමු බලවේගය බවට පත්වන බව ද පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාපක්ෂ කියා සිටියේය. 

''පොහොට්ටුවේ පෙති ගලවන්න උත්සහ කරන්න පුළුවන්. පොහොට්ටුව පිපෙන්නේ මඩෙන්. නැට්ට එකතැනකත් උඩ කොටස තව තැනකත් තිබෙනවා උනත් මේ දෙකම තිබෙන්නේ ජනතාව ලඟයි.'' යයි ද ඔහු පැවසිය. 

අද දින නෙළුම් මාවතේදී පොහොට්ටු පක්ෂ මුලස්ථානයේ පැවති උත්සවයේදි නාමල් රාජපක්ෂ මෙසේද පැවසිය. 

පක්ෂය හැර ගියපු අයට ආපහු එන්නැයි නාමල්ගෙන් ආරාධනාවක්

'' පක්ෂයේ දේශපාලන මණ්ඩලයට, පාක්ෂිකයන්ට මේ අභියෝගාත්මක අවස්ථාවේ දී මා කෙරෙහි විශ්වාසය තබලා මේ වගකීම භාර දීම පිලිබඳව විශේෂයෙන් මම ස්තූතිවන්ත වෙනවා. පැහැදිලිවම අපි අභියෝග භාර ගන්න සූදානම්. අභියෝග තිබෙන අවස්ථාවක දී තමයි නායකත්වයට තරුණයන් අවශ්‍ය වන්නෙත්. අපි අපේ පාක්ෂිකයින් සහ අපේ ප්‍රතිපත්ති කෙරෙහි විශ්වාස කරනවා. 

මේ රටේ තරුණයින් අපේක්ෂා කරන නූතන පරම්පරාවේ දේශපාලනය මල්ඵල ගැන්වීමට පොදුජන පෙරමුණ ලෙස  අපි බලාපොරොත්තු වෙනවා.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා හැටියටත් ජනාධිපති අපේක්ෂකයා හැටියටත් අපේ පක්ෂය හැර ගොස් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ සිටන අපේ පොහොට්ටුවේ සියළු දෙනාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා හිත් අමනාපකම්, සිදු වූ අඩුපාඩුකම් අමතක කර අපි සමඟ නැවත එකතු වන ලෙසට. 

අපි අනිවාරයෙන්ම ජයග්‍රහණය කරනවා. මගේ ජයග්‍රහණය කියන්නේ පක්ෂයේ ජයග්‍රහණයයි. පක්ෂයේ ජයග්‍රහණය කියන්නේ රටේ ජයග්‍රහණයයි. මැතිවරණය කියන්නේ අභියෝගයක්. අභියෝග වලට මුහුණ දෙන්න තමයි තරුණ අපි ඉන්නේ. අපේ ගනුදෙනුව තිබෙන්නේ අපේ පාක්ෂිකයින් සමගයි. පාක්ෂිකයින් ආරක්ෂා කරමින් රටේ ඒකීයභාවය ආරක්ෂා කරමින් රට ජයග්‍රහණය කරා ගෙන යාමට අපි කැපවෙනවා. 

 

රනිල් වික්‍රමසිංහ පොදුජන පෙරමුණ රැවැට්ටුවාද යැයි ඇසූ ප්‍රශ්ණයට පිලිතුරු දෙමින් නාමල් රාජපක්ෂ පැවසුවේ, එතුමාගේ ප්‍රතිපත්ති එතුමා අනුගමනය කරන බවත් තමන්ගේ ප්‍රතිපත්ති තමන් අනුගමනය කරන බවත්ය. තමන්ගේ ප්‍රතිපත්තිය අනුගේ ප්‍රතිපත්ති විවේචනය නොකර තමන්ගේ ප්‍රතිපත්තිය ජනතාව හමුවේ තබන බවය. 

 

 

 

pe2024 2

worky sin

නවතම පුවත්