''අපි දැන් සිටින්නේ කොරෝනා රෝගීන් රෝහල්ගත කිරීමේ හැකියාවේ අවසාන අදියරෙයි. අපේ කලාපය තුළ රෝගීන් වැඩි වීම

ඉතා තැති ගන්වන සුළු මට්ටමින් ඉහළ යමින් පවතිනවා. මේ වන විට පැරිස් කලාපයට දැඩි ලෙස පහර වැදී තිබෙනවා. ''  මෙසේ පැවසුවේ ඉල් ද ෆ්‍රොන්ස් ( Ile - de - France ) කලාපයේ ප්‍රාදේශීය සෞඛ්‍ය ඒජන්සියේ අධ්‍යක්ෂ ඔරෙලිඔන් රූසෝ ( Aurelien Rousseau  ) මහතාය.

තම කලාපය තුළ පමණක් රෝගීන් 9600 කට වඩා වැඩි ප්‍රමාණයක් රෝහල්ගත කර ඇති බව පවසන ඔහු, දැඩි සත්කාර ඒකකයේ පමණක් රෝගීන් 2,204 ක් සිටින බව කියා සිටී. එහෙත් ඔවුන් ඇස්තමේන්තු කර තිබුණේ ඇඳන් 1,500 ක් පමණක් බවත් ඔහු සඳහන් කරයි.

තමන්ට දරාගත නොහැකි මට්ටමට රෝගීන් ඉහළ යෑම හේතුවෙන් මේ වන විට  අධිවේගී දුම්රිය භාවිතා කොට රෝගීන් 36 ක් බ්‍රෙතාඥය ( Bretagen ) වෙත පසු ගිය බදාදා යැවූ බවත්, තවත් රෝගීන් සියයක් හෙලිකොප්ටර් භාවිතා කරමින් වැල් ද ලුවා ( Val - de Loire ), නෝමන්ඩි ( Normandy ), සහ පෙයි ද ලුව ( Pays de Loire ) වෙත යොමු කළ බවත් රූසෝ වැඩි දුරටත් කියා සිටී.

''අපි දැන් සිටින්නෙ රෝහල් ගත කිරීමේ හැකියාවේ අවසානයේ'' - ප්‍රංශයේ ඉල් ද ෆ්‍රොන්ස් (Ile - de - France ) කලාපයේ  සෞඛ්‍ය අධ්‍යක්ෂ කියයි.

ප්‍රංශයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලොමන් ඊයේ ( අප්‍රේල් 01 ) සවස හෙළිදරව් කළ සංඛ්‍යා ලේඛන වලට අනුව ඊයේ සවස් වනවිට ප්‍රංශයෙ සමස්ත රෝගීන් ප්‍රමාණය 56, 989 කි. පැය 24 ක් තුළ සොයාගත් රෝගීන් ප්‍රමාණය 4,861 කි.

රෝහල්ගත වී ඇති ප්‍රමාණය 24, 639 කි. පැය 24 ක් තුළ රෝහල්ගත කර ඇති ප්‍රමාණය 1, 882 කි.

ඒ වන විට දැඩි සත්කාර ඒකක වල සිටි රෝගීන් ගණන 6, 017 කි.

රෝහල් මරණ ප්‍රමාණය 4,032 ක් වන විට පැය 24 ක් තුළ මිය ගොස් තිබු ප්‍රමාණය 509 කි.ඒ වන විට සුවය ලබා සිටි රෝගීන් ගණන 10, 935. කි.

(සුනිල් ගාමිණි -ප්‍රංශයේ සිට)
 

###########################################################################
 

Covid add 3

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්