ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කොන්දේසි වෙනස් කර ජන ජීවි­තය පව­ත්වා­ගෙන යෑම සඳහා සහ­න­ශීලී ආර්ථික වැඩ­පි­ළි­වෙ­ළක් සකසා දෙන බව සමගි ජන බල­වේ­ගයේ

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (07) පැව­සීය.

විදේ­ශීය ණය බර­කින් යුක්ත වන මේ රට එම ණය ගෙවීම සඳහා ඉපැ­යිය යුත්තේ රුපි­යල් නොව ඩොලර් බවත් ඒ අනුව අප­න­යන අභි­මුඛ ආර්ථි­ක­යක් හරහා ඩොලර් ඉපැ­යී­මට වැඩ­පි­ළි­වෙ­ළක් සකසා ඇති බවත් මන්ත්‍රී­ව­රයා පැව­සු­වේය.

2024 වර්ෂයේ මුල් කාර්තු­වේදී අත් කර­ගත් ආර්ථික වර්ධන වේගය තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් රට සංව­ර්ධ­නය කරා ගෙන­යෑ­මට අවශ්‍ය සහාය ලබා දිය යුතුය යන කල් තැබීමේ විවා­ද­යට එක්වෙ­මින් මන්ත්‍රී­ව­රයා මේ බව කියා සිටි­යේය.

මන්ත්‍රී­ව­රයා මෙසේ ද පැව­සු­වේය.

''ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ අත්සන් කළ ගිවි­සු­ම්වල ව්‍යුහා­ත්මක වෙන­සක් කළ යුතුයි. එය කළ හැකියි. අපේ රජ­ය­කින් අප එය කර­නවා. සිය­යට 30ක ලාභ­යක් ගැනී­මට බදු ගැසීම අප කරන්නේ නැහැ. අපේ ව්‍යව­සා­ය­ක­යන් දිරි­ගැ­න්වී­මට පිය­වර ගන්නවා. ජන­තා­වගේ බදු බර අඩු කර­මින් සහන ලබා­දෙ­නවා.

ගෝඨා­භය මහතා රට හැර යන විට අප පැනලා ගියේ නැහැ. අපට කතා කරලා සාකච්ඡා කළා. එව­කට පැවැති ආර්ථික තත්ත්වය සැබෑ­ව­ටම අප දැනන් හිටියේ නැති නිසා අප අමා­රුයි කීවා තමයි. මොකද එකල පැවැති ආණ්ඩුව නිවැ­රදි ලෙස රටේ ආර්ථික තත්ත්වය අපට ප්‍රකාශ කළේ නැහැ. ආර්ථික පරි­ව­ර්තන පනතේ මූලික හර­යට එක­ඟයි. අයි.එම්.එෆ්. සමඟ එක්ව කරන ඇතැම් දේව­ලට තමයි අප එකඟ නොවන්නේ.


ආර්ථි­කය ප්‍රති­සං­ස්ක­ර­ණය කළ යුතු­මයි. එසේ නැතිව ආර්ථික අර්බු­ද­යෙන් ගොඩ­ඒ­මට නොහැ­කියි. තාක්ෂ­ණය ගෙනැ­විත් ව්‍යව­සා­ය­ක­යන් එකතු කර­මින් ආර්ථි­කය ගොඩ­නංවා ලබා ගන්නා ආර්ථි­කය ජන­තාව අතර බෙදා හැරීම. අපේ අර­මුණ ඒක. ජාති­ක­ත්වය ගැන අපට ලොකු හැඟී­මක් තිබෙ­නවා. ලාංකි­ක­යන් ලෙස අප අනෙක් පක්ෂ සමඟ එක්ව සිටි­නවා. විපක්ෂ නාය­ක­ව­රයා වටා පක්ෂ පාට භේද­ය­කින් තොරව එක්ව සිටි­නවා. රටේ ජන­තාව බැඳ ඇති දම්වැල් ලිහා දැමී­මට අප කට­යුතු කර­නවා. ආහා­ර­ව­ලට සිය­යට 18ක වැට් එකක් ගැසී­මට ආණ්ඩුව සැල­සුම් නොක­රන්නේ නම් ඒ බව නැඟි­ටලා කියන්න.

අයි.එම්.එෆ්. ගිවි­සුමේ ඉස්පි­ල්ලක් පාපි­ල්ලක් වෙනස් කරන්න එපා කියලා සජ­බයේ අපට කිය­නවා. අපට ඔවුන් වෙනස් කරන්න එපා කීවාට අප වෙනස් කර­නවා. අප­න­යන අභි­මුඛ ආර්ථි­ක­යක් හරහා ඩොලර් ඉපැ­යී­මට අප සැල­සුම් කර­නවා. මෙරට බදු ප්‍රති­පත්ති වෙනස් කර­නවා. බදු වෙනස් කළ හැකියි. වග­කී­ම­කින් මම කියන්නේ.




IMF ගිවි­සුමේ කිසිදු මිනු­ම්ද­ණ්ඩක්  වෙනස් කළ නොහැ­කියි- ජනාධිපති

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ, IMF ගිවි­සුමේ කිසිදු මිනු­ම්ද­ණ්ඩක් වෙනස් කළ නොහැ­කියි බවයි.

ජනා­ධි­ප­ති­ව­රයා එම කාරණය අවධාරණය කර සිටියේ, මාධ්‍ය ප්‍රධා­නීන් සමඟ ඊයේ (7) කොළඹ සින­මන් ග්‍රෑන්ඩ් හෝට­ලයේ පැවති හමු­වට එක් වෙමිනි.

එහිදී ඔහු මෙසේද පැවසිය.

“ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සහ අපට ණය දෙන රට­වල් සමඟ ඇති කර­ගෙන තිබෙන ගිවි­සුම් එක­ක්වත් කඩ කිරී­මට හැකි­යා­වක් නැහැ. එසේ කළ හොත් අපට මුදල් ලැබෙන්නේ නැහැ. එවිට අපේ රටේ ආර්ථි­කය නැවත කඩා­වැ­ටෙ­නවා. විවිධ පාර්ශ්ව­ව­ලට විවිධ පොරොන්දු දිය හැකියි. එහෙත් ඒවා ඉටු කිරී­මට හැකි­යා­වක් නැහැ. එවිට වැට් බදු තවත් වැඩි කිරී­මට සිදු වනවා. එයයි සත්‍ය තත්ත්වය. අප සත්‍ය ප්‍රකාශ කර රට බේරා ගැනී­මට සූදා­නම්ද? නැත්නම් බොරු කියලා බලය ගැනී­මට සූදා­නම්ද? කියා සිතිය යුතුව තිබෙ­නවා. ඒ නිසා රජය ආරම්භ කළ මේ වැඩ­ස­ට­හන් ඉදි­රි­යට ගෙන යෑමේ වරම මා ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටි­නවා.”


worky sin

නවතම පුවත්