මහජන මුදල් වංචා කළ පුද්ගලයන් පිළිබඳ විධිමත් විමර්ශනයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික සංවිධායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි.


තවත් දින 44කින් එය සිදුකරන බව ඔහු පැවසුවේ ඊයේ (7) පාර්ලිමේන්තුවේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව සභාව කල්තැබීමේ විවාදයට එක් වෙමිනි.

ජනතා ඉල්ලීම මෙන්ම අයිතියද වන වංචා කළ මහජන මුදල් නැවත අයකර ගැනීමටත් අදාළ වංචාකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමටත් පහසුකම් සැලසෙන පරිදි "වංචා කළ මහජන මුදල් අයකර ගැනීමේ පණත" තම රජය යටතේ සම්මත කරගන්නා බව මන්ත්‍රීවරයා පැවසිය. 



''මා කිසි­වි­ටෙක දූෂණ චෝදනා ලැබූවන් ආරක්ෂා කර නෑ'' - ජනාධිපති 

මේ අතර මාධ්‍ය ප්‍රධානීන් සමඟ ඊයේ (07) පැවති රැස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුයේ, ඇතැමුන්ට කතා කිරීමට හැකියාව තිබෙන්නේ දූෂණය පිළිබඳ පමණක් වන නමුත් තමා දූෂණය වැලැක්වීම සඳහා නීති රැසක් සම්පාදනය කර ඇති බවත්, අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් ය. 

තමා කිසිවිටෙක දූෂණ චෝදනා ලැබූ කිසිවකු ආරක්‍ෂා කර නොමැති බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය 

'' මා සමඟ සිටින්නේ පාර්ලි­මේන්තු මන්ත්‍රී කණ්ඩා­ය­මක්. චෝදනා තිබෙන අය ඉන්නවා නම් ඔවුන්ට නඩු පැව­රිය හැකියි. මා ඒ කිසි­වක් නවත්වා නැහැ. චෝදනා තිබෙන අය තෝරා­ග­න්න­වාද? නැද්ද? කියන එක ඡන්ද දාය­ක­යන් තීර­ණය කළ යුතුයි. කිසි­වකු සිදු නොකළ අන්ද­මින් දූෂණ විරෝධි පනත අප ගෙනැ­විත් තිබෙ­නවා. අප­රා­ධ­ය­කින් උපයා ගත් දේපළ පිළි­බඳ පනත් කෙටු­ම්පත ලබන සතියේ  අනු­මත කර ගැසට් කර­නවා. හැම­දෙ­නාම දූෂ­ණය, දූෂ­ණය කියලා කෑගැ­හු­වත් ඒ සම්බන්ධ වැඩ­පි­ළි­වෙ­ළක් ගැන කතා කළේ නැහැ. නමුත් අප ඒ පිළි­බඳ කට­යුතු කර තිබෙ­නවා.'' යයි ද ජනාධිපතිවරයා පැවසිය. 

 

worky sin

නවතම පුවත්