'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් ගම් මට්ටමින් අත්‍යාවශ්‍ය ආහාර බෙදා හැරීමේ යාන්ත්‍රණය දේශපාලන නිර්දේශ මත සකස් කර ඇතැයි ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන වරුණ රාජපක්ෂ චෝදනා කරයි.

මෙවර මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු ලෙස ගම්පහ දිස්ත්‍රීක්කයෙන් තරඟ කරන ඔහු එම කාරණය තවදුරටත් පැහැදිලි කරමින් ඔහු සිය FB පිටුවේ මෙසේ සඳහන් කර තිබේ.

''බොහෝ දෙනකු ප්‍රශ්න කරන්නේ බැසිල් රාජපක්ෂගේ යාන්ත්‍රණය ගැන.  එම යාන්ත්‍රණය අසාර්ථක වී ඇතැයි ඔවුන් වර නගයි. එහෙත් සත්‍ය වශයෙන්ම සිදුවී ඇත්තේ බැසිල් රාජපක්ෂගේ යාන්ත්‍රණය අසාර්ථක වීම නොව ඔහු හිතාමතාම පැවති යාන්ත්‍රණය අකර්මන්‍ය කර ඔවුන්ගේ දේශපාලන යාන්ත්‍රණයක් අලුතින් ගොඩනැඟීමයි. varuna tex

එනම් සෑම ගමකම සියළුම අත්‍යාවශ්‍ය ආහාර බෙදා හැරීමේ යාන්ත්‍රණය දේශපාලන නිර්දේශ මත සකස් කර ඇත. ප්‍රාදේශීය ලේකම් ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිර්දේශයෙන් පමණක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ බලපත්‍ර ලබාදීමගින් ගොඩනැගෙන්නේ රටපුරාම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විසින් මෙහෙයවන ව්‍යාපාරික ජාලයකි. 

මෙය corona කාලයේ අලුත් ව්‍යාපාරික ජාලයක්, සමාජ බලය සහිත ජාලයක් ගොඩනැගීමේ දේශපාලන ව්‍යාපෘතියකි. එම ව්‍යාපෘතිය පරාජයට පත්කර මෙතෙක් ග්‍රාමීය මට්ටමෙන් කුඩා පරිමාණයෙන් ව්‍යාපාරික බලපත් තිබූ ලියාපදිංචි මිනිසුන්ට ම එම අවසරයන් ලබා දීමට බල කිරීම සියලු දෙනාගේ වගකීමක් වන්නේය. බැසිල්ගේ Corona කාලේ දේශපාලන ව්‍යාපෘතිය හදුනා ගන්න.''


වීඩියෝ 
උඹලා එකෙකුටවත් දෙන්නේ නෑ කිව්වා -ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ අතවශ්‍ය ද්‍රව්‍ය විකිණීමට එල්ල වූ විරෝධය

 
 
#########################

Covid AD1

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්