ඓතිහාසික යුග මෙහෙවරකට මුල පුරන අවස්ථාවේ ලක්ෂ දෙසිය විස්සකගේ අභිලාෂ සාක්ෂාත් කිරීමේ අරමුණු ඇතිව: දුක, කඳුළ, වේදනාව,

තේරෙන... කුප්‍රකට, වංචනික, දේශපාලන රටාවෙන් බැහැර වී... ජනතාවට උත්තර සපයන සන්ධානයක් ආරම්භ කළ බවත්, ලක්ෂ දෙසිය විස්සකගේ ජන දුක නිවාලන්නට බිහි වූ මේ සමගි ජන බලවේගය රටේ සංවර්ධනය වෙනුවෙන් කැපවෙන බවත්, කුමන භාෂාවක් කතා කළත්, කුමන පක්ෂයකට ඇතුළත් වුවත්, ඒ සියලු දෙනාගේ ම අපේක්ෂාව නොබෙදුනු රටක් බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

විපක්ෂ නායකවරයා මෙලෙස පැවසුවේ අද (08) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවති, ජනාධිපතිවරණය සහ ඉදිරි මැතිවරණ සඳහා සමගි ජන බලවේගයට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන සන්ධානය සමග පසුගිය දා එක් වූ අනෙකුත් පක්ෂ රාශියක් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

හොඳ පෞරුෂයක් ඇති විශිෂ්ට මාතෘ භූමියක් නිර්මාණය කළ යුතු බවත්, ජාති ආගම් කුල වශයෙන් රටක් ලෙස බෙදී ඇති බවත්, මෙලෙස බෙදුණු දේශය මතු පරපුරට දායාද කළ නොහැකි බැවින් මේ රට මුදවා ගත යුතු බවත්, බෙදීම ඉදිරි පරම්පරාවට දායාද කරන වැඩපිළිවෙළ නැති කර මතු පරපුරට ශක්ති සම්පන්න දේශයක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.

 
රට ගොඩනගන එකමුතුව යන ගමනේ පළමු පියවර

එම අවස්ථාවේ වැඩි දුරටත් අදහස් දැක්වු විපක්ෂ නායකවරයා,

‘‘පෞද්ගලික අභිලාෂ පැත්තකට දාලා, පරාර්ථකාමී සංකල්පය ම  පෙරදැරි කර ගෙන ශ්‍රී ලංකාව අංක එකට ගෙන ඒමට එකතු වීම සතුටට කරුණක්. රට ගොඩනගන එකමුතුව යන ගමනේ පළමු පියවර තමයි අද අපි තැබුවේ. සමගියෙන් බිහි වූ රට විනාශ කරන්න, බෙදන්න, විවිධ අවස්ථාවල මේ එකමුතු භාවය නැති කරන්න ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ලැජ්ජා නැති විදියට කටයුතු කරනවා. මේ සන්ධානය බාර් පර්මිට්වලට වරදාන වරප්‍රසාදවලට ලබා ගන්න හැදුවත් අපි මේ ජරා ජීරණ වෙච්ච රට, බංකොලොත් වෙච්ච රට බංකොලොත්භාවයෙන් මුදවා ගන්නවා. වරදාන වරප්‍රසා වලට රට පාවා දෙන අය සමගි ජන බලවේගයේ නෑ.

‘සමගි රටක් සැමට ජයක්’ යන තේමාව පෙරටු කර ගත් මෙම සම්මුතිය සඳහා: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වතුකරයේ ජනතාව නියෝජනය කරණ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (TPA), ශ්‍රී ලංකා මහජන පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආදී පක්ෂ රැසක සාමාජිකයන් රැසක් එකතු වී සිටිනවා. 

ඒ සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රාවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරම්, කඳුරට ජනතා පෙරමුණේ නායක රාධක්‍රිෂ්ණ, නිදහස් ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම, ජි.එල් පීරිස්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර, පුරවැසිකම බහුජන ව්‍යාපාරයේ නායක අර්ජුන රණතුංග, රාමසාමී රාජේන්ද්‍රන්, ඊ. එල්. බී. සබීල්, විජය සුරේන්ද්‍රම් රමේෂ්, ජනරල් මහේෂ් සේනානායක සහ දේවිකා කොඩිතුවක්කු   මෙම සම්මුතියට අත්සන් තැබූ අතර සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ද අත්සන් තැබූහ.
 
samagi 765samagi 766samagi 768


 
 

worky sin

නවතම පුවත්