theleaderlk 01

පොලිස්පති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළි නොගන්නා තැනට මෙරට ව්‍යවස්ථාදායකය හා විධායකය පත් වුවහොත්

බංගලාදේශයේ ඇති වූ තත්ත්වයට වඩා අන්ත තත්ත්වයකට මේ රට ඉදිරියේදී තල්ලු වී යා හැකි බවත්, දෙවැනි අරගලයක් සිදු වීම වැළැක්විය නොහැකි බවත් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය පවසයි.

හෙතෙම මේ බව සඳහාන් කළේ ඊයේ (07) කොළඹ ලයිට් හවුස් ගැලි හිදී පැවැති ‘‘ක්‍රමයේ වෙනසක් සඳහා නීති ප්‍රතිසංස්කරණ ජාතික සමුළුව 2024’’ මාධ්‍ය හමුව අමතමිනි.

එහි දි වැඩි දුරටත් අදහස් දැක්වූ නීතිඥ උපුල් ජයසූරිය...

 ‘‘ක්‍රමයේ වෙනසක් සඳහා නීති ප්‍රතිසංස්කරණ ජාතික සමුළුව- 2024 හි මූලික සංකල්පය වන්නේ ක්‍රම වෙනසක් සඳහා අත්‍යවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන කතිකාවක් සදහා පහසුකම් සැපයීම යි. මෙහි මූලික අරමුණ වන්නේ තීරණාත්මක නීති අංශ ප්‍රතිසංස්කරණය පිළිබඳව දැනුවත් කිරීම සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය ඉලක්ක කිරීම, මහජනයා අතර යුක්තිය අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ කතිකාව ප්‍රවර්ධනය කිරීම, නීති අංශයේ සාධාරණ සහ ප්‍රතිස්ථාපන භාවිතයන් සම්බන්ධ විශේෂිත ප්‍රතිසංස්කරණ ඉස්මතු කිරීම, යුක්තිය, සාධාරණත්වය සහ පාලනය පිළිබඳ නීතිමය ප්‍රතිසංස්කරණ හදුනාගෙන ඒවා වෙනුවෙන් පෙනී සිටීම යි.

ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන නියෝජනය ශක්තිමත් කිරීම, අධිකරණයේ ස්වාධීනත්වය  ශක්තිමත් කිරීම, අල්ලස් හා දූෂණ පිළිබඳ නීති ශක්තිමත් කිරීම, මූලික අයිතිවාසිකම් සහ මාධ්‍ය සම්බන්ධ නීති ශක්තිමත් කිරීම, යනාදි කරුණු ඇතුළත් යොජනා මාලාවක් සකස් කරලා එය ක්‍රියාත්මක කිරීම අනාගතයේ බලයට පත් වන ඕනෑම රජයක වගකීම ලෙස සලකා සියලු දේශපාලන පක්ෂවලට පිළි ගන්වනවා.’’

ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දුනේෂ් ගුණතිලක හා එම සරසවියේ ම දේශපාලන විද්‍යා අංශයේ මහාචාර්යය ගාමිනී රත්‍රනශ්‍රී ද මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූහ.

jhrtg

pe2024 2

worky sin

නවතම පුවත්