සටන් පාඨ කියමින් මහමග ගොස් ජනතාවගේ දුප්පත්කම තුරන් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපතිවරයා එබව කියා සිටියේ, සමූපකාර ව්‍යාපාරය සම්බන්ධයෙන් ඊයේ (07) කොළඹ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
ඊට දිවයින පුරා සමූපකාර සමිති ජාලයේ සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන් ඇතුළු නියෝජිතයින් විශාල පිරිසක් එක්විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී තවදුරටත් මෙසේද පැවසිය.
"අපි දැන් ගොඩ එන්නේ IMF එකත් ආණ්ඩුවත් අතර තිබෙන ගිවිසුම නිසා. ඒ ගිවිසුම වැටෙන්න දුන්නොත් ආයෙත් පෝලිම් යුගයකට යයි. අපි 17 වතාවක් IMF ගිවිසුම් කැඩුවා. මට කිව්වා 18 වන වතාවට කැඩුවොත් ආපහු මේක ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා."
(adaderana.lk)
සබැඳි පුවත් :
IMF ගිවිසුමේ අනාගතය ගැන ජනපති සහ හර්ෂ කියන පරස්පර කතා