තම පක්ෂය ඉදිරි ජනාධිපතිවරනයේදී සහය දෙන්නේ කුමන පාර්ශවයට ද යන කාරණය සම්බන්ධයෙන් අගෝස්තු 10 වන සෙනසුරාදා
තීරණය කරනු ලබන බව එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රකාශයකු පැවසිය.
ඒ අනුව එදින පස්වරුවේ එම පක්ෂයේ මාධ්‍ය කාරක සභාව සහ ජාතික මණ්ඩලය කැඳවා ඇත.
ජනාධිපතිවරනයේදී කුමන අපේක්ෂකයකුට සහය දෙන්නේ ද , නැතහොත් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ ද , යන කාරණය සම්බන්ධයෙන් එදින තීරණය කරන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක පෙරේදා (06) රාත්‍රී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග දීර්ඝ වෙලාවක් සාකච්ජා කර තිබිණ.
එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නව සන්ධානයේ නායක අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු දේශපාලන පක්ෂ නායකයින් කිහිප දෙනෙකු සමග ද පසුගිය දින කිහිපයේ ඔහු සාකච්ජා පවත්වා ඇත.
එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි එහි දේශපාලන මණ්ඩල සාමාජිකයින් 10 දෙනාගෙන් 07 දෙනෙකුගේම මතය වී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරනයේදී සමගි ජන සන්ධානයට එක්වී සජිත් ප්‍රේමදාසට සහය දැක්විය යුතු බවයි.
කෙසේවුවද දේශපාන මණ්ඩල සභික නීතිඥ ශිරාල් ලක්තිලක මේ වෙනවිට දැඩි සජිත් විරෝධී මතයක සිට ප්‍රසිද්ධියේම අදහස් දක්වමින් සිටියි.
එම පක්ෂයේ ජාතික මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව රැස්කිරීමට යන්නේ මෙම කාරණය සම්බන්ධයෙන් තවදුරටත් සකච්ජාකර එකඟත්වයක් ඇතිකර ගැනීම සඳහාය. එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව සාමාජිකයින් 85 දෙනෙකුගෙන් සමන්විත වන අතර ජාතික මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 108 කි.