තිස් හතර වසරකට ඉහතදී අම්පාර දිස්ත්රික්කයේ මරා දැමුණු පනහකට අධික දෙමළ ගම්වැසියන් පිරිසක් අනුස්මරණය කර තිබේ.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ඝාතනයට ලක් වුවන්ගේ ඥාතීන් විසින් අම්පාර, මුත්තුමාරි අම්මාන් කෝවිලේ අගොස්තු 6 වැනිදා විශේෂ පුජාවක් පවත්වා ඝාතනයට ලක් වු සිය සමීපතමයන් අනුස්මරණය කළ බවයි.
1990 අගෝස්තු 06 උදෑසන තිරායිකේනි ගම්මානයට කඩාවැදුණු රජයේ හමුදා රැකවරණය ලැබූ මැර පිරිසක් ළමුන් කාන්තාවන් හා පිරිමින් ඇතුළු 54 දෙනෙකු කපා කොටා මරා දමා තිබුනි.
ප්රහාරයෙන් දිවි ගලවා ගත්තවුන් පවසන්නේ රජයේ හමුදා සහයෙන් හින්දු කෝවිලට ඇතුල්වූ ඝාතකයන් තම සමිපතමයන් මරා දමා කෝවිලට ද අලාභානි කළ බවයි.
ඊට පෙර දිනයෙදී අලිමන්කාඩු ප්රදේශයේ වෙල්යායකදී ගොවීන් කිහිප දෙනකු කපා කොට මරා දැමීමට පළි ගැනීමක් ලෙස මෙම ප්රහාරය එල්ල කර තිබේ.
තිරායිකේනි ගම්මානය නිර්මාණය වී ඇත්තේ ඉඩම් අහිමි පාලමුනෙයි, ඔලුවිල්, මීනෝඩෙයිකට්ටු, අඩ්ඩාලචේනෙයි දෙමළ හා මුස්ලිම් ගම්වාසීන්ට අක්කර 300 ක සශ්රික පොල් වත්තක් 1954 වසරේ දී අක්කරයක් රුපියල් 200 ක නාමික මිලකට අළෙවි කිරීමෙන් අනතුරුවය.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ යුද්ධයෙන් පිඩාවට පත් තිරායිකේනි ගම්මානයේ වැසියන් අදත් ගෙවනුයේ විවිධ කම්කටොලු වලින් පිරි දිවියක් බවයි.
මරා දැමුණු සිය සමීපතමයන් ගැන සාධාරණ විමර්ශනයක් පවත්වා ඝාතනයට වගකිව යුත්තන් නිතිය හමුවට පැමිණවිය යුතුය යන්න ඝාතනයට ලක්වුවන්ගේ ඥාතින්ගේ අපේක්ෂාවයි.