රජය විසින් ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලාංකිකයින් හට කාර්යක්ෂම හා ආරක්ෂාකාරී නව E ගමන් බලපත් ලබාදීම ආරම්භ කරන බව

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ඒ අනුව, ඔක්තෝබර් මාසය දක්වා දිනකට ගුවන්ගමන් බලපත්‍ර දහසක් පමණක් නිකුත් කරන බව ඇමතිවරයා කියා සිටියි.

ඇමතිවරයා එබව කියා සිටියේ, කොළඹ අද (09) පැවැති මාධ්‍ය හමුවකදී ය.

"අවුරුදු 23ක් එකම සපයන්නෙකුගෙන් නැවත නැවත ඇණවුම් කළා. මේ වතාවෙත් නැවත ඇණවුමක් ආවා. මම කිව්වා එහෙම බෑ ටෙන්ඩර් කැඳවන්න කියලා.
ඒ අනුව සමාගමකට ටෙන්ඩරය ලැබුණා. මාස දෙකක් පමණ ප්‍රමාද වුණා ලංකාවේ තියෙන නීතිය අනුව, ඒ වැඩ කරන්න. ඒ ප්‍රමාදය තමයි ප්‍රශ්නයක් වුණේ. ඒ නිසා තමයි පාස්පෝට් නිකුත් කරන එක සීමා කරන්න වුණේ. අත්‍යවශ්‍ය අයට විතරක් ඔක්තෝබර් වෙනකල් දෙන්න. අපි දිනකට 900ක් නිකුත් කරනවා. නමුත් 1,000ක් වෙනකල් හදිසියේ එන ඒවට ඉඩ තියලා තියෙනවා. ''

''මෙතෙක් නිකුත් කළ ගුවන්ගමන් බලපත්‍රවලින් 23%යි භාවිත කරලා තියෙන්නේ. අනෙක් පාස්පෝට් ගත්තට පාවිච්චි කරලා නැහැ. ''

''අපි ටෙන්ඩරය කැඳවූවේ E - PASSPORT එකට. පරණ පොතට ඩොලර් 5.89ක් ගෙව්වා. අලුත් ගුවන්ගමන් බලපත්‍රය අපිට වෙන්නේ ඩොලර් 5.5යි". යයි ද අමාත්‍යවරයා පැවසිය.


''මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා අත්‍යවශ්‍ය නම් විතරක් මේ මාස දෙකේ පාස්පෝට් එක ගන්න. එහෙම නැත්නම් ඔක්තෝබර් වෙනකල් ඉන්න අලුත්ම පාස්පෝට් එකක් ඔක්තෝබර් මාසයේ ලැබෙනවා.'' - ඇමති ටිරාන් අලස්

 
පූර්ව ලියාපදිංචිය සහිත ගමන් බලපත්‍ර අයදුම්කරුවන් පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හා ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දී සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, පූර්ව ලියාපදිංචියකින් තොරව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙසයි.

ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත් ලබාගැනීමේ අවස්ථාව හිමිවන්නේ ප්‍රමුඛතා ක්‍රමවේදයකට අනුකූලව බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගමන් බලපත් අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත් අයදුම්කිරීමේ ක්‍රමවේදය පහත දැක්වෙන පරිදි නව ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක වේ.

ජූලි 16 වන දින සිට ගමන් බලපත් අයදුම් කිරීම සඳහා https://www.immigration.gov.lk/ සබැඳිය ඔස්සේ පූර්ව ලියාපදිංචියක් සිදු කිරීමට හැකියාව ඇත. 

 
 

worky sin

නවතම පුවත්