ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා එක්සත් ජනරජ පෙරමුණේ මධ්‍යම කාරක සභාව අද (10) පෙරවරු 9.00ට රැස්වේ.
ඉන් අනතුරුව දහවල් 11ට එම පක්ෂයේ ජාතික මණ්ඩලය කැඳවා ඇත.

ඉදිරි ජනාධිපතිවරනයේදී සජිත් ප්‍රේමදාස වෙත සහය ලබාදීමට එම පක්ෂයේ ඉහලම දේශපාලන සංවිධානය වන දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් ගෙන්  බහුතරයකගේ සහය පලවී ඇතැයි වාර්තාවේ.

කෙසේවුවද අද පෙරවරුවේ මධ්‍යම කාරක සභාව කැඳවා ඇත්තේ අවසන් තීන්දුවක් ගැනීම සඳහාය.

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණේ තීරණය අගෝස්තු 11 දින ප්‍රකාශට පත් කරන බව එහි නායක පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා සති අන්ත 'අනිද්දා' පුවත්පතට ප්‍රකාශකර තිබේ.

ඔහු මේ බව පැවසුවේ ජනාධිපතිවරණය පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණේ තීරණය පිළිබඳව අප කළ විමසීමේ දීය.

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව මේ වන විටත් පක්ෂය අවසන් තීරණයකට එළඹී නැති බවත්, ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සර්වජන බලය සන්ධානය හා රාජපක්ෂවරුන් ප්‍රමුඛ කඳවුර හැර අනෙකුත් සියලුම කණ්ඩායම් පිළිබඳව සාකච්ඡා පවත්වන බවත් මන්ත්‍රීවරයා කියා සිටියි.

ඉදිරි ජනාධිපතිවරණයේ යම් අපේක්ෂකයෙකුට සහාය ලබා දෙනවා ද, එසේ නොමැතිනම් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවාද යන්න පිළිබඳව අවසාන තීරණයක් ලබා ගැනීම සඳහා අගෝස්තු 10 දින පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වන බවත් එහිදී ගන්නා එම තීරණය අගෝස්තු 11 දින පවත්වන එක්සත් ජනරජ පෙරමුණේ කැස්බෑව බලමණ්ඩල රැස්වීමේ දී රටට ප්‍රකාශ කරන බවත් මන්ත්‍රීවරයා එම පුවත්පතට වැඩිදුරටත් පවසා ඇත.
 

worky sin

නවතම පුවත්