දිවංගත විජය කුමාරණතුංග හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග විසින් ආරම්භකළ ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ
ට සහය ලබාදීමට තීරණය කර ඇත.
එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න ඒ බව පැවසීය.
ශ්‍රී ලංකා මහජන පක්ෂය පසුගිය මාස කිහිපයේ දේශපාලනික වශයෙන් ක්‍රියාත්මක වුයේ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පක්ෂ හා කණ්ඩායම් සමග ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ශ්‍රී ලංකා මහජන පක්ෂය පසුගිය මැතිවරණයට තරග කළ අතර එහි නායක අසංක නවරත්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්විය.