ඉදිරි ජනාධිපතිවරණයේ දී ''අප සහයදිය යුත්තේ කාටද ? යන කාරණය විමසමින් සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අද දිනයේ සිට 13 දා දක්වා නැගෙනහිර මුස්ලිම් ගම්මානවලට ගොස් ජනතාවගේ මතය විමසීමට තීරණය කර ඇත.
පසුගිය දින කිහිපයේ විදේශගතව සිටි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා, අද අලුයම දිවයිනට පැමිණි වහාම නැගෙනහිර බලා පිටත්ව ගොස් තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයේ දී සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ සහාය ලබා දෙන ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ තීරණය අගෝස්තු 14 දින පක්ෂයේ උත්තරීතර මණ්ඩලය රැස්වී ගන්නා බව එහි නායක රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පැවසිය.
මේ වන විටත් සමගි ජන සන්ධානයේ පාර්ශ්වකරුවෙකු ලෙස තමා සන්ධානයේ සිටින බැවින් සමගි ජන සන්ධානයේ රැස්වීම් වලට පක්ෂයක් ලෙස සහභාගි වෙන බවත් එම රැස්වීම් වල දී තම පක්ෂයේ සහාය සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලීම් කොට ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද ඉදිරි ජනාධිපතිවරණයේ දී තම පක්ෂයේ සහාය ඔහුට ලබා දෙන ලෙස ලිඛිතව ඉල්ලා ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණය සහ අපේක්ෂකයන් පිළිබඳව තම පක්ෂය මේ වන විටත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇති බවත් පක්ෂයේ අවසාන තීරණය අගෝස්තු 14 දින පක්ෂයේ උත්තරීතර මණ්ඩලය රැස් වී ලබා ගන්නා බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.