ඕස්ට්‍රේලියානු නැගෙනහිර දිවා සම්මත වේලාවෙන් අද (03/04) උදෑසන 8.00 වන විට ඔස්ට්‍රේලියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 25 ක් ලෙස වාර්තා වේ.

 

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 5,226  දක්වා මේ වන විට ඉහළ ගොස් තිබේ.

වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් තවමත් වාර්තා වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර ඔස්ට්‍රේලියානු නැගෙනහිර දිවා සම්මත වේලාවෙන් අද උදෑසන 9.00 වන විට එම ප්‍රමාණය 2,389 කි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 1,036 දෙනෙකු සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 835 දෙනෙකු වාර්තා වන බවද සඳහන් වේ.

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 400 දෙනෙකු වාර්තා වන අතර දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් 385 දෙනෙකු වාර්තා වේ.

ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 74 ක් වන අතර Australian Capital Territory හි එම ප්‍රමාණය 87 ක් බව සඳහන්.

අද උදෑසන වන විට Northern Territory හි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20 ක් ලෙස දැක්වුණි.

(sbs.com.au ) 

 

########################################

Covid add 1

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්