සර්වජන බලයේ 2 වැනි කෙටුම්පත විද්වත් සංවාදයට ගැනීම ඊයේ (10) පස්වරුවේ කුරුණෑගල කතරගම දේවාලය අසල වැව් තාවුල්ලේදී සිදුකෙරුණි.
''එක්ව නංවන රටක් - සතුට පිරුණු දැයක්'' එහි තේමාවයි.
"ව්‍යවසායකත්ව රාජ්‍යයක් - සතුටු දැයක්" නිර්මාණය කිරීමේ සජ්ජන අරමුණ පෙරදැරි කරගත් "සර්වජන බලය උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත" ජනතා සංවාදයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලැබුණු අදහස් සහ යෝජනා ද ඇතුළත් කර සැකසූ "දෙවන කෙටුම්පත" විද්වත් සංවාදය පිණිස මෙසේ ඉදිරිපත් කෙරිණ.
මෙම සුවිශේෂී අවස්ථාවට සර්වජන බලය ජනාධිපති අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මෙන්ම ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චන්න ජයසුමන, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී.වී.ඩී. තිලකසිරි යන සර්වජන බලය දේශපාලන එකමුතුවේ විධායක සභිකයෝ මෙන්ම ඉහත පක්ෂවල සහ ජාතික සංවිධානවල සෙසු නායකයන් සහභාගී විය.
මෙහිදී අදහස් දැක්වූ මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර පැවසුවේ, කිසිඳු අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ තාර්කික හා ප්‍රායෝගික වැඩපිළිවෙළක් සර්වජන බලය ඉදිරිපත් කර ඇති බවය.