පෝලිම් යුගය නැති වුණේ ආර්ථික සංකෝචනය නිසා බවත්, ආර්ථික වර්ධනය හිතාමතාම පළුදු කළ නිසා බවත්, මෙවැනි තත්ත්වයක් තුළ ආර්ථිකය කුඩා කර ජනතාව අසහනයට පීඩනයට ලක් කිරීම හරහා පෝලිම් නැති කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.


විපක්ෂ නායකවරයා මෙලෙස පැවසුවේ ඊයේ (10) මොනරාගල පැවැති භික්ෂු උපදේශක සභාව අමතමිනි.

මෙහි දී වැඩි දුරටත් අහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

දුර්වල ගිවිසුම් ගහන්න හොඳ නෑ

‘‘නොහැකියාව අදක්ෂකම නිසා රටට අවාසිදායක ගිවිසුම්වලට අත්සන් කළ නායකයන් රටට ගෝනි බිල්ලන් මවනවා. මේ යන විදිහ ක්‍රියාත්මක උනොත් රට අනතුරේ. පෝලිම් යුගයක් ඇති වෙනවා. පෝලිම් නැති කරන්න ඕනෙ හොඳ ජන ජීවිතයක් ලබා දීම හරහා. GAT, WTO, වැනි ක්‍රමවේද හා මූල්‍ය ආයතන සමග කටයුතු කරන්න ඕනෙ. ඒ ආයතන එක්ක දුර්වල ගිවිසුම් ගහන්න හොඳ නෑ; සිදු කරන ප්‍රතිසංස්කරණ හරහා ජනතාව මත පටවන පීඩනය අසහනය දුක ඳුළල වෙදනාව අවම කරන්න ඕනෙ. රටේ පැත්තෙන් ජනතාවගේ පැත්තෙන් ගිවිසුම් ගත වෙන්න වුවමනා එහෙමයි.

මම IMF ප්‍රධානීන් හමු වූ අවස්ථාවේ මේ ගැන පැවසුවා. මේ අවිධිමත් ගිවිසුම නිසා ජන ජීවිත විනාශ වී ජනතාව අතේ මුදල් නැතිවෙලා. ආයෝජනය, පරිභෝජනය, අපනයනය නැති වෙලා. රජයට මේවා කරන්න බැරි වුනත් සමගි ජන බලවේගය සතුව සුහුරු කණ්ඩායමක් ඉන්නවා. අපි මේ දක්ෂ සුහුරු කණ්ඩායම සමග එක්ව රට දිනවන ගිවිසුමකට යනවා.

මේ ආණ්ඩුව සුපිරි ධනවතුන් ආරක්ෂා කරනවා

අපේ රටේ ජනතාව දශ ලක්ෂ ගණනින් දුප්පත් වෙලා; ණය මර උගුලකට අහු වෙලා; දැවැන්ත ආර්ථික අවපාතයකට ලක්වෙලා. වාර්තාවක් හරහා ජාත්‍යන්තර ආයතන පවා මේ බහුමාන දුගී භාවය ගැන සඳහන් කරලා තියෙනවා. ළදරුවන්, මව්වරුවන්, වැඩිහිටියන්, අවදානම් කොට්ඨාස, තරුණයන් හා ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන් පවා මේ නිසා විපතට පත්වෙලා. සාමාන්‍ය ජනතාව මෙවැනි ව්‍යනයකට හසු වුනත් සුපිරි ධනවතුන් මේ ව්‍යසනයෙන් බේරිලා. 

අපි කරන්න ඕනෙ අතිමහත් බහුතරයකගේ අවාසනාවන්ත තත්ත්වය මගහැර යන්න දායකත්වය ලබා දෙන එක. ධනවාදී ක්‍රමය තුළ සුපිරි පැළැන්තියක් නිර්මාණය වෙලා. මේ ධනවාදය: ලුම්පන් ධනවාදයක්, ගජමිතුරු ධනවාදයක් නොවිය යුතුයි; ඒක මානුෂීය ධනවාදයත්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිත්  මුසු උණ, සියලු දෙනාම ඇතුළත් වූ ආර්ථික වර්ධනයක් ඇති කළ යුතුයි. ඒ වගේ ම වරමක් නැති මේ රජය කරන්නේ ගජමිතුරු කණ්ඩායම් පෝෂණය කරමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් සුපිරි පොහොසතුන් ආරක්ෂා කිරීමයි.’’

(සටහන - ජයසිරි අලවත්ත)

 

worky sin

නවතම පුවත්