පාඨලී චම්පික රණවක ගේ ජාතිවාදී දේශපාලන භාවිතය මේ රටේ ජාතිකත්වය නියෝජනය කරන කඳවුරට විශාල හානියක් ගෙන දුන් බව සර්වජන බලය ජනාධිපති අපේක්ෂක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර පැවසී ය.
දිලිත් ජයවීර මෙලෙස පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන ජනාධිපති අපේක්ෂකයා ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ කුමක්ද යන ප්රකාශනය ඔහු වෙත පිළිගැන්වීම සඳහා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සර්වජන බලය මුලස්ථානයට පැමිණි අවස්ථාවේ පැවති මාධ්‍ය හමුවේ දී ය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර...
ප්‍රතිපත්ති ප්‍රකාශන කියන්නෙ ඉතිහාසගත වැරැද්දක්
‘‘සිංහයාගේ කුලයට පූසත් අයිතියි කියලා මට මතක හැටියට පාසලේදී අපට ඉගැන්නුවා. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එක වර්ගයක ලක්ෂණ ටිකක් තිබුණ කියල සමස්තයට අයිතියි කියලා. මගේ කියවා ගැනීම සහ අපේ පොදු කියවා ගැනීම නම් ඔහු ජාතිකවාදය අවස්ථාවාදී ලෙස ජාතිවාදී තැනකට ගෙන ගියාය කියන එක. ඒ නිසා සැබෑ ජාතිකවාදී කඳවුරට විශාල හානියක් සිදු උණ බව තමයි මගේ නිරීක්ෂණය.
අපි දිගින් දිගටම ආසන වශයෙන් මාස එකොළහක කාලයක් අපේ සම්පූර්ණ දේශපාලන ක්‍රියාන්විතය තුළ පොරොන්දු වුණු උපායමාර්ග දෙවන සංස්කරණය ජනතා අදහස් ලබා ගැනීමෙන් අනතුරුව සංස්කරණය කරලා ඊයේ (10) කුරුණෑගලදී ජනගත කරා. ඇත්ත වශයෙන්ම මෙහි අදහස මෙය විද්වත් සංවාදයට යොමු කරාට පස්සේ අද සිට අපි ඒ විවිධ පුද්ගලයින්, ඒවගේ ම විවිධ කණ්ඩායම්, විශේෂයෙන්ම සිවිල් සංවිධාන, ඒවගේ ම විද්‍යාධරයින්, වෘත්තිකයින් මේ සියලු දෙනා වෙතට ම මේක අරගෙන යන්නට තමයි අපි මේ උත්සාහ කරන්නේ.
ඉතින් අපි දිගින් දිගටම ආඛ්‍යානයක් හැටියට කිව්වේ ජනාධිපතිවරණයේ වැදගත්ම කරුණ වන්නේ වඩාත් සංවිධිත උපාය මාර්ගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා කියන එක. ඒ සඳහා භාවිතා කළ වචනය උපාය මාර්ගික වැඩපිළිවෙළ. ඉතිහාසයේ වුණු වැරදි අතර ප්‍රධාන වැරදීමක් තමයි ප්‍රතිපත්ති ප්‍රකාශන කියන එක. එම නිසා පුද්ගල කේන්ද්‍රීය නොවුණු වැඩපිළිවෙළක් මත සකස් වුණු ජනාධිපතිවරණයකට ජනතාවට මුහුණ දීමට අවශ්‍ය අවකාශය සලසා දෙන ලෙස නැවතත් මම සියලු ම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
මිලියන දෙකක කුලුඳුල් ඡන්ද කාට ද...?
විශේෂයෙන් ම මෙවර මිලියන දෙකක පිරිසක් තමන්ගේ ඡන්දය පළමු වතාවට භාවිතා කිරීමට නියමිතයි. මෙවර ඔවුන් සතුව විශේෂ දේශපාලන පසුබිමක් සහ සාක්ෂරතාවයක් තිබෙනවා. ඒ නිසා අපි සංවාද කළ යුත්තේ ඔවුන්ගේ ජීවිතය වෙනස් වන, ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු ඉටු කරන පරිසරයක් නිර්මාණය කරන්නේ කොහොම ද, ඒ සඳහා ඇති වැඩපිළිවෙළ කුමක් ද, ඒ සඳහා අදාළ මුදල් ලබාගන්නේ කොහොම ද, ප්රාග්ධනය ලබාගන්නේ කොහොම ද, ඒකට ගතවෙන කාල වකවානු කොපමණ ද කියන කාරණාව.
ඒ වගේම සියයට පනස් තුනක් වන ශ්‍රී ලාංකික කාන්තාව අපි විශ්වාස කරන අපේ ශ්‍රී ලාංකික ජාතිකත්වයේ, ව්‍යවසායකත්වයේ ප්‍රතිමූර්තිය වන ශ්‍රී ලාංකික මාතෘත්වය කොහොමද අපේ ආර්ථික ක්‍රියාවලියේ කොටස්කාරියන් කර ගන්නේ කියන එක අපි ඉදිරිපත් කරන්න ඕන. මේ තත්ත්වය තුළ සර්වජන බලය හැටියට අපි විවිධ දේශපාලන කණ්ඩායම් මත දරන්නන් සමග පොදු අරමුණක් සඳහා එකතුවෙලා තියෙනව. ඒ, මොකද... මේ උපායමාර්ගික වැඩපිළිවෙළ ජනගත කරමින් ජනතාවගේ ආශිර්වාදය මත අපිට මේක පොළොවේ පැළ කරන්නට තියෙන අවකාශය නිර්මාණය කර ගන්න වුවමනා නිසා. ඉතින් අපි උත්සාහ කරනවා කොහොමහරි මේක ජනගත කරන්න. ජනතාවට තේරෙන භාෂාවෙන් මේක කියලා ඔවුන්ගේ ජීවිතය වෙනස් වන ආකාරය පැහැදිලි කරමින් සතුටු දෙයක් නිර්මාණය කරන්න.
රටේ දියුණුවට නිර්භීත කාන්තාවෝ

මේ අවස්ථාවේ දී කරුණු දැක්වූ අනුරාධා යහම්පත්...
අපිට අවශ්‍ය මේ රටේ සියයට පනස් තුනක් වන කාන්තාවට තමන්ගේ ආත්ම ගරුත්වය රැක ගනිමින් සහ එය වඩාත් ඉහළට ඔසවා ගනිමින් අවංක, නිර්මාණශීලි, දේශහිතෛශී ආදරණීය දේශපාලන කඳවුරක් සහ අවකාශයක් අපගේ සර්වජන බලය තුළ ගොඩනගා දෙන්න. අපි දැන් ඒ සඳහා අවශ්‍ය කටයුතු කරමින් යනවා. ඉදිරියේදී විශාල කාන්තා නියෝජනයක් අපගේ එකමුතුව හරහා මේ රටේ අවංක, දුෂණයෙන් තොර දේශපාලන ධාරාවට එකතු වීමට නියමිතයි. මවක්, ගෘහණියක් කියන ස්ථානයේ සිට ව්‍යවසායකත්ව දේශපාලනයේ නිරත වන ශ්‍රී ලාංකීය ශක්තිමත්, නිර්භීත කාන්තාවන් අපේ රටේ හෙට දවස වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සිට සියලු ම දේශපාලන තල නියෝජනය කිරීමට සුදානම්.
(සටහන - ජයසිරි අලවත්ත)
(සටහන - ජයසිරි අලවත්ත)