කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වර්තමානයේ ලබා ගත හැකි තොරතුරු සහ සායනික විශේෂඥතාව පදනම් කරගනිමින් සළකා බලන විට
බරපතළ වෛද්‍ය තත්ත්වයක් ඇති ඕනෑම වයසේ ජනතාවක් සහ වයස් ගත වැඩිහිටියන් කොවිඩ් 19 බරපතල රෝගී තත්ත්වයට පත්වීමේ ඉහල අවදානමක පසුවෙන නමුත් එහි ඉහලම අවදානමක් ඇත්තේ වයස 70 පැනපු වැඩිහිටියන්ට බව තහවුරු වී ඇත.
එවැනි තත්වයක් තුල ජනතාව සමග නිරන්තරයෙන් ගැවසෙන දේශපාලනඥයින් මේ අවස්ථාවේ නිවෙසම ම වී කටයුතු කිරීම ඔවුනට මෙන්ම ජනතාවගේ සෞඛ්‍යයට ද හිතකර බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසති.
සෙම්ප්‍රතික්ෂ්‍යා වෛරසයක් වැළඳුන විටෙක පවා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට දුවන මෙරට ඇතැම් දේශපාලනඥයින් ගෙන් බහුතරයක් 60 පැනපු පුද්ගලයින් වීම විශේෂිත කාරණයකි. එසේම, ඔවුන් විවිධාකාරයේ අතුරු ආබාධයන් ගෙන් පෙළෙති.
මෙවැනි දේශපාලනඥයින් නව තාක්ෂනය යොදා ගනිමින් රජයේ නිලධාරීන් සමග කටයුතු= කිරීම අතිශයින්ම වැදගත්වේ.
බ්‍රිතාන්‍ය අගමැති ZOOM App හරහා කැබිනටුව කැඳවයි !
කොවිඩ් -19 කොරෝනාවෛරසය ආසාදනය වී සිය නිවසේ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, ZOOM App තාක්ෂනය යොදා ගනිමි අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ සම්මන්ත්‍රණයක් හරහා කැබිනට් මණ්ඩල හමු පැවැත්වීම මෙරට දේශපාලනඥයින්ද ආදර්ශයට ගත යුතුය.
හිටපු ඇමති පාඨලී චම්පික රණවක සිය FB පිටුවේ පළකර ඇති සටහනක ද ZOOM App හි කාලින අවශ්‍යතාවය පෙන්වා දී ඇති අතර ඔහු පවසන්නේ, සමගි ජන බලවේගයේ නායකයින් දිනපතා දේශපාලන සාකච්ඡා පවත්වන්නේ මෙම තාක්ෂනය යොදා ගනිමින් බවයි.
කෙසේවුවද අනෙකුත් දේශපාලනඥයින් එවැනි තාක්ෂණික සන්නිවේදන ක්‍රම යොදා නොගෙන තමන්ගේ ආධාර කරුවන් අනතුරේ හෙලමින් සිටිති.
''ආරක්ෂිත දෝෂයක් නිසා Zoom මෘදුකාංගය වහාම යාවත්කාලීන කරන්න''
මේ අතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසන්නේ, ආරක්ෂිත දෝෂයක් නිසා Zoom මෘදුකාංගය වහාම යාවත්කාලීන කරන්න ලෙසයි.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති, රජීව් යසිරු කුරුවිටගේ මැතිව් විසින් නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන්වේ.
එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේද සඳහන් වේ.
''COVID-19 වසංගතය නිසා මිලියන සංඛ්‍යාත සේවකයින්ට නිවසේ සිට සේවය කිරීමට සහ පාසල් සිසුන්ට අධ්‍යාපන නිවසේ සිට අධ්‍යාපන කටයුතුවල නියැලීමට සිදුවී ඇති අතර මේ සදහා Zoom නම් ටෙලි සම්මන්ත්රණ මෘදුකාංගයක් යොදාගැනීමට ලොව පුරා මෙන්ම ශ්‍රී ලාංකික බහුතර ජනතාවද කටයුතු කර ඇත.
මෙම යෙදුමෙහි පවතින ආරක්ෂක දෝෂයක් උපකාරී කොටගෙන මෙම මෘදුකාංගය භාවිතා කරනන්ගේ පෞද්ගලිකත්ව දත්ත, පරිගණකයෙහි මුරපද සොරාගැනීමට හැකි බව සයිබර් ආරක්ෂක ප්‍රවීනයන් විසින් හදුනාගෙන ඇත.=
එම ආරක්ෂිත දෝෂයට පිළියම් යොදන ලද නවතම Zoom මෘදුකාංග සංස්කරණය එම සමාගමෙන් නිකුත්කොට ඇත. ශ්‍රී ලාංකික Zoom මෘදුකාංග පරිශීලකයන් නවතම Zoom යාවත්කාලීනය වහාම ලබාගන්නා ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස දැනුම් දෙමු.
############################