ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ආසන ආවරණය වන පරිදි පක්ෂ රැසක
සහභාගීත්වයෙන් ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු ජනාධිපතිවරයාට සහාය පළ කරන සියලුම පක්ෂ වල නියෝජිතයන් ඒ ඒ ආසන මට්ටමින් මෙම ඒකාබද්ධ කමිටුවට ඇතුළත් වන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.
ගෙන් ගෙට යාම, ඡන්ද පොළ නියෝජිතයන් පත් කිරීම, ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු සංවිධානය කිරීම සහ ආසන මට්ටමින් සංවිධාන කටයුතු කිරීම සහ මෙහෙයවීම මෙම ආසන ඒකාබද්ධ කමිටු වලට පැවරේ.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක ලසන්ත අලගියවන්න, එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක සහ එජාප නියෝජ්‍ය නායක රුවන් විජවර්ධන ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ වල දිස්ත්‍රික් නායකයෝ සහභාගී වූහ.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසූයේ, කාලයක් නයි මුගටි දේශපාලනයේ නිරත වූ අය රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙලෙස එකතු වීම රටේ අනාගතය වෙනුවෙන් ගත් සුවිශේෂ පියවරක් බවයි.
ජනාධිපතිවරණ මෙහෙයුම් ක්‍රියාවලියට අදාළව පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් පත් කර ගැනුණු පළමු ඒකාබද්ධ කමිටුවද මෙයයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ප්‍රධානීන් බොහෝ දෙනෙකු එකට එකතුවී තිබෙන බවත්, දැන් පක්ෂයේ දෙවැනි පෙළද ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්වෙමින් සිටින බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙහිදී කීවේය.
ඇමතිවරයා අවධාරණය කලේ රනිල් වික්‍රමසිංහ ගෙන් රාජපක්ෂ කෑල්ල ගැලවී ඇති නිසා ඉදිරි දින කිහිපය තුළ තවත් පිරිස් ජනාධිපතිවරයාට සහය පළකරනු ඇති බවය.
ප්‍රසන්න අමාත්‍යවරයා මෙසේද පැවසීය.
* දැන් පක්ෂයේ දෙවැනි පෙළත් අපි වටා එකතු වෙනවා..
* ජනාධිපතිතුමාගෙන් “රාජපක්ෂ” කෑල්ල ගැලවිලා. ඒක සජිත් “රාජපක්ෂ” වෙලා ..
* බඩු බෙදුවට වැඩ කරාට ඡන්දය දිනන්න බෑ...
"කාලයක් නයිමුගති දේශපාලනය කරපු අපි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙලෙස එකතුවීම රටේ අනාගත ය වෙනුවෙන් ගත් සුවිශේෂ පියවරක්.ක් ක්ෂේත්රයේ සන්ධිස්ථානයක්ද වනු ඇති මේක අලුත් දේශපාලන සංස්කෘතියක් කිසිම දේශපාලන පක්ෂයක ලාංඡනයක් අපි ගන්නේ නැහැ. අපි යන්නේ එක්ව ජයගමු කියල තේමා පාඨය ඔස්සෙයි. නමුත් අපි අතර අර්බුධ ඇති කරන්න යම් යම් කණ්ඩායම් කුමන්ත්‍රණ කරාවි. අපේ එකම අරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමයි. ඒකට හැමෝගම සහය අවශ්‍යයි.
ඉකුත් මහා මැතිවරණයේදී ලක්ෂ 20ක් ඡන්ද පාවිච්චි වුණේ නැහැ. එතන තිබුනේ බහුතරය එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද. මොකද ජනාධිපතිවරණ පරාජයත් සමඟ ඔවුන් මහා මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කළේ නැහැ. අපි ඔවුන් ඡන්ද පොළට ගේනවා ගන්න වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. අඩුම තරමින් ඒ ඡන්ද ලක්ෂ 10ක්වත් අපි ඡන්ද පොළට ගෙන්වා ගන්න ඕන. ඒ ඡන්ද ලබාගන්න නම් අපි ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කළ යුතුයි. ඒක ඉතාම සංවිධානාත්මක සිදුවිය යුතුයි.
මතක තියා ගන්න බඩු බෙදුවට වැඩ කරාට ඡන්දය දිනන්න බෑ. 2015 දී සිල් රෙද්ද පවා අපි දුන්නා. ඒත් මහින්ද මහත්තයා පරාදයි. මෛත්‍රීපාල සිරිසේන මහතා දින්නේ එදා තිබුණ මතවාදයත් එක්ක. යහපාලනය කියන මතවාදය එදා ගොඩනැගුවා. මේ වෙනකොට රනිල් රාජපක්ෂ කියන කෑල්ල ගැලවිලා ඉවරයි. දැන් සජිත් රාජපක්ෂ බවට පත්වෙලා තියෙනවා. ඇත්තම කතාව නඩු හබ ටික බේර ගන්න. සජිත්ව දිනව ගන්න. ඒ කටයුත්ත කරන්නයි ධම්මික පෙරේරාව ගේන්න හැදුවෙ. ධම්මික පෙරේරට තේරුණා එයාව ඒ සඳහා පාවිච්චි කරනවා කියලා ඒකෙන් අයින් වුණා.
බැසිල් රාජපක්ෂ මහත්තයා අපිත් එක්ක දිගටම වැඩ කරගෙන ගියා. නමුත් එය අතරමඟදී ඉවත් වෙන්න තීරණය කළා. කළගුණ දන්න අපි මෙතන නතර වුණා. දැන් මොන ප්‍රශ්නෙ ආවත් අපිට ආපසු හැරෙන්න බෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරය නැවත ජනාධිපතිවරයා කරලයි අපි පස්ස බලන්නෙ. දිස්ත්‍රික් කාර්යාල ආසන කාර්යාල පිහිටුවීමේදී පොදු තැනක් ගන්න ඕනේ. අපේ ගෙදර තියෙන කාර්යාලයට එක්සත් ජාතික පක්ෂයේ අය එන්න කැමැති වෙන්නේ නෑ. මොකද පසුගිය කාලේ අපි අතර විරසකයක්නේ තිබුණේ. මේ හැදෙන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක්. අපි එකඟ වුණාට තාම ගම එහෙම වැඩ කරන්න හුරු නෑ. හුරු කර ගන්නකන් පොදු තැන් හදුනා ගන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාධිපති සහභාගී වෙන ප්‍රධාන රැස්වීම් හතරක් කරන්න. ''