මාතෘ භූමිය බේරා ගැනීම සඳහා තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.


ඔහු මෙසේ පැවසුවේ පදනම් ආයතනයේ දී ඊයේ (11 )දා පැවති රැස්වීමකදී ය. මෙහි තේමාව වී තිබුණේ, හදවතින්ම රටට යන්නය.

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ගේ අත්දැකීම් මත සකස් කෙරුණු ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත එළිදැක්වීම සඳහා මෙම උත්සවය සංවිධාන කෙරිණ.

සරත් නන්ද සිල්වා මෙම වගකීම බාරගන්නැයි තමාගෙන් ඉල්ලීමක් කළ බවත්, තමා ඉදිරිපත් වන්නේ ජනාධිපති ධූරය භාර ගැනීමට නොව එය අතහැරීමට බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ රටේ ජනතාව තමාට සහාය දෙන බව විශ්වාස යැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, වෛද්‍ය වසන්ත බණ්ඩාර, රංගන ශිල්පී කමල් අද්දරආරච්චි සහ ජ්‍යේෂ්ඨ නීතීඥ කල්‍යානන්ද තිරාණගම ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


FB IMG 1723383960592

worky sin

නවතම පුවත්