ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තමා සමග සිටින බවත්, ඒ අනුව තමාට ලාංඡන, නම් අදාළ නොවන බවත් ජනාධිපතිවරණ අපේක්ෂක, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.
අතුරුගිරිය, පෝරේ, අංක 201/7 යන ස්ථානයේ පිහිටි සිය ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යලෙයේ ඊයේ (11) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
''අත ලකුණු මට නෑ කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. බණ්ඩාරනායක අගමැතිවත් අතින් ඡන්දය ඉල්ලලා නෑ. 1956 ඡන්දේ දිනුවේ කරත්ත රෝදයෙන් ඉල්ලලා. චන්ද්‍රිකා මැතිණිය දිණුවේ පුටුවෙන් ඉල්ලලා. මහින්ද මහත්මයා දිණුවේ මම හදපු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලතින් ඉල්ලලා. ඒ නිසා මේ ලාංඡනයයි නමයි අපිට අදාළ නෑ.''
2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද විජයදාස රාජපක්ෂ එහිදී අදහස් දැක්විය.
'ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ' පක්ෂයේ ''කාරය'' මැතිවරණ ලාංඡනය යටතේ, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ.
.