එළඹෙන ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා හිමිකම ලබාදී ඇත්තේ මැතිවරණ රාජකාරිවල යොදවන සෞඛ්‍ය
කාර්ය මණ්ඩලය සඳහා පමණක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.
මෙම නිවේදනයෙන් වැඩි දුරටත් පවසා සිටින්නේ අදාළ තීරණය හේතුවෙන් අනෙකුත් සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල තම ඡන්ද බල ප්‍රදේශයට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වී ඇති බවයි.
ඒ අනුව එදිනට අදාළ රාජකාරි නිවාඩු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ලබාදිය යුතු වුව ද, අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් සපයා ගැනීමට බාධාවක් ඇතිවන පරිදි එම නිවාඩු ලබා නොදී සිටීමට ආයතන ප්‍රධානීන් කටයුතු කිරීමේ අවධානමක් පවතින බවත්, මේ හේතුවෙන් මහජනතාවගේ සෞඛ්‍ය අයිතිය සහ සෞඛ්‍ය කාර්ය ඡන්ද අයිතිය අතර පරස්පරයක් නිර්මාණය වන බවත්, ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාගේ පූර්ව අවධානය යොමු කරන ලෙසත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය මැතිවරණ කොමාෂන් සභාවෙන් ඉල්ලා සිටී.
මතු දැක්වෙන්නේ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය මැතිවරණ කොමිෂන් සභාව වෙත නිකුත් කළ සම්පූර්ණ නිවේදනය යි.
සභාපති,
මැතිවරණ කොමිෂන් සභාව,
මැතිවරණ කාර්යාලය
රාජගිරිය
ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත දිනයේ දී, සෞඛ්‍ය සේවාවන් බිඳ වැටීම වළක්වා ගැනීම
ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තැපැල් ඡන්ද හිමිකම ලබාදී ඇත්තේ, මැතිවරණ රාජකාරිවල යොදවන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා පමණක් වීම හේතුවෙන්, අනෙකුත් සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල තම ඡන්ද බල ප්‍රදේශයට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වී ඇත. ඒ අනුව එදිනට අදාළ රාජකාරි නිවාඩු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ලබාදිය යුතු වුවත්, අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් සපයා ගැනීමට බාධාවක් ඇතිවන පරිදි එම නිවාඩු ලබා නොදී සිටීමට ආයතන ප්‍රධානීන් කටයුතු කිරීමේ අවධානමක් ඇත. මේ හේතුවෙන් මහජනතාවගේ සෞඛ්‍ය අයිතිය සහ සෞඛ්‍ය කාර්ය ඡන්ද අයිතිය අතර පරස්පරයක් නිර්මාණය වන බැවින් ඒ පිළිබඳව ඔබගේ පූර්ව අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලමු.
සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද හිමිකම ලබාදීමේ බාධාවක් පවතින්නේ නම්, අවම තරමින් තමන්ගේ රාජකාරී ස්ථානයකට ආසන්නව ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් හෝ වෙනත් විකල්ප ක්‍රමවේදයක් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ලබා දෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
ස්තුතියි
මෙයට - විශ්වාසී
රවි කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය
පිටපත්
1. ලේකම් - සෞඛ්‍ය අමාත්‍යංශය
2. ලේකම් - රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය
(ජයසිරි අලවත්ත)