සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, අද (13) දිනයේ දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දීමට
එක්වීමේ සූදානමක් පවතින බව 'අද' පුවත් වෙබ් අඩවිය (ada.lk) වාර්තාකර තිබේ.
ඒ පිළිබඳ ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් විශේෂ නියෝජිතයකු සමග හිටපු අමාත්‍ය වරයාගේ සමීපතමයන්ද ඊයේ (12) රාත්‍රි යේ පානදුර ප්‍රදේශයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
හිටපු අමාත්‍ය වරයා අද (13) පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත් ඉටුකිරිමෙන් පසු ඒ සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් ලබාදීමට නියමිත බවත් එම අවස්ථාවට කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කල හිටපු පළාත් පාලන නියෝජිතයින් පිරිසක්ද සහභාගි වීමට සූදානම්ව සිටින බවත් ' අද' වෙබ් අඩවිය වැඩිදුරටත් කියා සිටියි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයේ තේරී පත්වූ මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් කෙනෙකි.
හිටපු අමාත්‍යවරයාගේ දේශපාලන තීන්දුව කිසිසේත්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ජයග්‍රහණයට බාධාවක් නොවන බව සදහන් කරමින් කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගයට සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරීන් කඩිමුඩියේම මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානම් වන බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි'
රනිල් දෙස ඇහැ ඇරගෙන බලා ඉන්න
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසන්නේ, ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ 86න් බහුතරය රනිල් වික්‍රමසිංහ ජනපති සමඟ අගෝස්තු 16 දා සන්ධානගත වීමට නියමිතව ඇති බවයි.
ඒ නිසා මේ සතිය වඩාත් තීරණාත්මක සහ මාධ්‍ය අවධානය වැඩි වශයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති දෙසට හැරෙන සතියක් වනු ඇතැයි ඔහු පවසයි.
වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ, ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු මැතිවරණ කොට්ඨාශ ආවරණය පරිදි විශේෂ ඒකාබද්ධ රැස්වීම් මලාවකට සහභාගී වෙමිනි. මෙම රැස්වීම් සඳහා අමාත්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ, හිටපු රාජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ද සහභාගී වූහ.