theleaderlk 01

රනිල් ජනාධිපති වන විට ඔහුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු එකසිය තිස්හතරක් සිටි බවත්, එය ඊයේ වන විට අනු දෙකක් දක්වා අඩු වූ බවත්, අද වන විට එය අනූව

දක්වා අඩු වී ඇති බවත්, ජනාධිපතිවරණය අවසන් වන විට රනිල්ට රනිලුත් නැති වී මේ රටේ ජනපති ලෙස අනුර කුමාර පත්වන බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ පැවසී ය.

ඔහු මෙලෙස පැවසුවේ පසුගිය දා කැබැතිගොල්ලෑවේ පැවති ජන රැලිය අමතමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ,

හොරා ළඟට යන්නෙ හොරු ම තමයි

‘‘ලොකු ලොකු සංදර්ශන තියලා ජනතාව ලාබෙට රවට්ටන්න හිතුවට ද දැන් ජනතාව බුද්ධිමත්ව කල්පනා කරනවා. ඒ නිසා සැප්තැම්බර් විසි එක්වෙනිදාට නියත ජනපති අනුර කුමාර සහෝදරයා. ඒක මේ කැබිතිගොල්ලෑව අම්මා තාත්තා සහෝදර සහෝදරියන් තහවුරු කරල අවසන්. මාලිමාවේ අපි පළමු වතාවට තමයි කැබිතිගොල්ලෑවේ රැලියක් කරන්නේ. ඔබ මීට පෙර විවිධ පක්ෂවල රැස්වීම්වලට ගිහින් ඇති.

එදා ඔබේ ඡන්ද අරගෙන බලයට පත්වුණ මෛත්‍රීපාල සේනානායක පරම්පරාවේ අය අද කොහෙද? සේමසිංහලා අද කොහෙද? මහින්දට අප්පච්චී කියපු අය අද වික්‍රමසිංහට අප්පච්චී කියනවා. එයාලා හිතන්න ඇති එයාලත් එක්ක ජනතාවත් යයි කියලා. නෑ. එයාලා එහෙට යනකොට ජනතාව මෙහෙට ඇවිත්. අනුර දිසානායක සහෝදරයා ජනාධිපති කරන්න සහය දක්වනවා. හරි පාර පෙන්වපු මාලිමාව එක්ක හරි පාරේ යන්න පටන් අරන්.

අද මේ වේදිකාවේ ඉන්න ආචාර්ය මහාචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, විශ්‍රාමික පොලිස් නිලධාරීන්, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, කලාකරුවන්, කිසිවෙක් තමන්ට සත පහක දෙයක් බලාපොරොත්තු නොවී රට හදන්න පෙරමුණ ගෙන තිබෙනවා.  මේක දැකලා කලබල වෙච්ච කට්ටිය දැන් අලුත් අලුත් සන්ධාන හදනවා. ඒකට හිටපු කට්ටිය එකට වේදිකාවට නැගලා අපේ සහය සජිත්ට කියනවා. නැත්නම් අපේ සහය රනිල්ට කියනවා. මහබැංකුව කඩපු එකා ළඟට මාල කඩපු එකා යනවා. හොරා ළඟට යන්නෙ හොරා මිස වෙන කවුද? කුණු ගොඩට කුණු එකතු වෙනකොට හොඳ ටික අපි ගාවට ඇවිත්.’’

 




ගොවි අම්මා තාත්තාගේ ප්‍රශ්නවලට විසඳුම් තියෙන්නෙ මාලිමාවෙ - සුසන්ත නවරත්න


WhatsApp Image 2024 08 13 at 07.29.45සුසන්ත නවරත්න

ජාතික ජන බලවේගයේ ජාතික විදායක සභික, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය උප සභාපති සුසන්ත නවරත්න

‘‘මැදවච්චිය කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරපු ආසනයක්. නමුත් අද මැදවච්චිය ජනතාව පෙළගැසී සිටින්නේ මාලිමාව වටා. ඒ, අනුර දිසානායක සහෝදරයා ජනාධිපති කරන්න. ගොවි ජනතාවට වතුර ටික දෙන්න මේ පාලකයෝ සමත් වෙලා නෑ. මොරගහකන්ද පෙන්නලා පොරොන්දු දුන්නා විතරයි. වැව් දාහතරක් තිබෙනවා. ඒවට යටින් වතුර ගෙනියනවා. මොන පාලකයොද මේ සැලසුම් හදන්නේ? මේ පාලකයින්ට ගොවි ජනතාවට පහසුකම් සලසන්න සැලසුම් නෑ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිම වකුගඩු රෝගීන් හමුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බවට පදවිය පත්වුණාට කැබිතිගොල්ලෑව තිබුණේ ඊට වඩා ගොඩක් පහළින්. ඒ, කැබිතිගොල්ලෑව කොට්ඨාශයේ ඉතා හොඳ ජල උල්පත් දහ අටක් තිබුණු නිසා. කැබිතිගොල්ලෑව කියන්නේ සම්පත්වලින් පිරුණ ප්‍රදේශයක්. රට වටා රූරා හැලෙන ගංගා රැසක් තිබුණත් මේ රටේ ජනතාවට පිරිසිදු පානීය ජලය සපයන්න ගොවි ජනතාවට අවශ්‍ය ජලය ටික සපයන්න  වැඩපිළිවෙලක් මේ පාලකයින්ට නෑ.

කැබිතිගොල්ලෑව ටිකක් එහා පැත්තෙන් මිනිරන් පතලක් තියෙනවා. අනිත් පැත්තෙන් පුල්මුඩේ ඛනිජ වැලි නිධිය තියෙනවා. මේ සම්පත් භාවිතා කරලා ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රස්සා දෙන්න පුළුවන් විදියෙ සැලසුමක් මේ පාලකයින්ට තිබුණෙ නෑ. ඒ නිසා අද මේ රටේ තරුණ තරුණියෝ වගේ ම මේ ප්‍රදේශයේ තරුණ තරුණියොත් රස්සා හොයාගෙන විදෙස්ගත වෙනවා. ඒ නිසා මේ රට හදන්න නිසි සැලසුමක් තියෙන, මේ ගොවි අම්මා තාත්තගේ ප්‍රශ්නවලට උත්තරයක් තියෙන, ඒකට වැඩපිළිවෙළක් තියෙන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති කරන්න පෙරමුණ ගන්නා ලෙස අපි ඔබ සියලු දෙනාගේ ඉල්ලා සිටිනවා.’’

රනිල් වික්‍රමසිංහ බලයට ආවෙ ව්‍යවස්ථාවෙ සිදුරකින් 


WhatsApp Image 2024 08 13 at 07.29.04පී. ඩී. එන්. කේ. පලිහේන

රජරට විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨයේ හිටපු පීඨාධිපති පී. ඩී. එන්. කේ. පලිහේන,

‘‘විස්සයි විසි දෙකේ අරගලයට සහභාගි වුණ ජනතාව බලාපොරොත්තු වුණේ තමන් පීඩාවට පත් කරපු නායකයන් පලවා හැරලා,  තමන් ගැන හිතන,  මේ ක්‍රමය වෙනස් කරන නායකයෙක් බලයට පත්වෙයි කියලා. නමුත් සිද්ධ වුණේ ඔවුන්ගේ ම කෙනෙක් වෙච්ච රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාවේ සිදුරකින් රිංගා බලයට ඇවිත් පරණ ටොපියම  අලුත් කොළයක  දවටලා අපිට දීපු එක විතරයි.  ඔහු ආපහු ඇවිත් කියනවා මං රටේ ප්‍රශ්න විසඳුවා, නැවතත් අවුරුදු පහකට මට ම බලය දෙන්න කියලා.

රනිල් වික්‍රමසිංහල බලයට ඇවිත් මොනව ද කළේ? අවුරුදු පහක් බලය ඉන්න ආණ්ඩුවක් වත් කරන්නෙ නැති තරමට මේ අවුරුදු දෙක ඇතුළෙ ඔහු අණ පනත් හැත්තෑ පහකට වැඩි ප්‍රමාණයක් සම්මත කරගත්තා. අර්බුදේ තිබුණේ මේ අණපනත් සම්මත නොවීම නිසා ද? නැහැ. ඔහු ඒවා සම්මත කරගෙන  කළේ මේ තක්කඩි පාලනය තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය කරන වටපිටාව සකස් කර ගත්ත එක විතරයි. රනිල් බලයට ඇවිත් රාජපක්ෂ රෙජීමය ආරක්ෂා කළා මිසක් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කළේ නෑ. මෙවැනි පාලකයෙක්ගෙන් තවදුරටත් ජනතාවට බලාපොරොත්තු විය හැකි කුමක්ද? තීරණය ගන්න ඕනෙ ඔබ. රටට වැඩක් ඇති ජනතාව ගැන හිතන, පපුවේ තෙතමනයක් ඇති නායකයෙක් බලයට ගෙන ඒම සඳහා පෙළගැසෙන ලෙස ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.’’

'මේක ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ මැතිවරණයක්''


WhatsApp Image 2024 08 13 at 07.27.59විශේෂඥ ශල්‍ය වෛද්‍ය කිත්සිරි සේනානායක

විශේෂඥ ශල්‍ය වෛද්‍ය කිත්සිරි සේනානායක,

‘‘මම ඉපදුණේ පදවියේ. මම හැදුණෙ වැඩුණෙ පදවියේ. මම ඉස්කෝලෙ ගියේ පදවියේ. ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ශල්‍ය වෛද්‍ය විද්‍යාව හදාරලා ලෝකෙ තියෙන ලොකු ම විශ්වවිද්‍යාල වුණ ඔක්ස්ෆර්ඩ් යන්නත් මට අවස්ථාව හිමි වුණා. මටත් ඔක්ස්ෆර්ඩවල නවතින්න තිබුණා. නමුත් මගේ නෝනයි දරුවයි එහේ නවතිද්දී මං ආපහු මෙහෙ ආවා. එහෙම ආවේ රටේ  ජනතාව දුක් විඳිද්දී රජරට අම්මා තාත්තා දුක් විඳිනකොට අපි හැදුණු වැඩෙන පුණ්‍ය භූමිය කඩාවැටෙනකොට අපිට එංගලන්තෙට වෙලා ඉන්න බැරි නිසා. ඔබ දන්නවද මම නොමිලේ වෛද්‍යා සායනයක් කරන බව...? ඒ වෛද්‍ය සායනයට එන සමහර රෝගීන්ට අපි වැඩිදුර පරීක්ෂණ සඳහා රෝහලකට යන්න ලියුමක් දුන්නම  රෝහලට යන්න සල්ලි නෑ. ඒ තරමටම ඔවුන් අසරණයි. මේ රට වෙනස් කරන්න ඕනෙ නැද්ද ?

අපිත් කාලයක් මේ තට්ටු මාරු දේශපාලනයට රැවටිලා හිටියා. මගේ තාත්තා ගුරුවරයෙක්. ඒත් ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් පදවිය  ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක විදියට කටයුතු කරා.  මේච්චර කාලයක් අපෙන් ඡන්දය අරන් බලයට පත්වුණ පාලකයෝ මොනවද රටට කරේ. අපි ඉස්කෝලෙ යන කාලේ තිබුණ පරිසරය වගේ ම පහසුකම් ම තමයි අදත් ඒ විදිහටම තියෙන්නේ. මොකක්ද සිදුවෙලා තියෙන දියුණුව? ට්‍රිලියන තුනක් ණය අරගෙන පාරවල් හදලා තිබුණත් ට්‍රිලියන දෙකකට වෙච්ච දෙයක් නෑ. එහෙම තමයි මේ රටේ සංවර්ධනය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මෙවර තියෙන්නේ ජනාධිපතිවරණයක් නෙවෙයි, මේ රටේ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ මැතිවරණයක්. ඒ වෙනුවෙන් අපේ අනුර දිසානායක සහෝදරයා ජනපති කරන්නට පෙරමුණ ගන්න.’’

(සටහන - ජයසිරි අලවත්ත)

 

WhatsApp Image 2024 08 13 at 07.26.45

pe2024 2

worky sin

නවතම පුවත්