ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන නාමල් රාජපක්ෂ වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබේ

නාමල් රාජපක්ෂ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ 'සමබිම' පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසයි.

පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නාමල් රාජපක්ෂ හෙට (14) දිනයේ ඇප මුදල් තැම්පත් කිරීමට නියමිතය.


දිලිත් ජයවීර ඇප තියයි


2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන දිලිත් ජයවීර වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රමුඛ පිරිසක් ඊට එක්ව තිබුණි.

එහිදී අදහස් දක්වමින් උදය ගම්මන්පිල පවසා සිටියේ, තරුව ලකුණින් මෙවර ජනාධිපතිවරණයේ දී දිලිත් ජයවීර තරග කිරීමට නියමිත බවය.

"මේ මැතිවරණයේ ලොකුම පෙරළිය කළ හැකි ශක්තිය තියෙන්නේ එතුමාට. මොකද 1950 දශකයේ දී වාමවාදී බලවේගත්, ජාතිකවාදී බලවේගත් එකට එකතුවෙලා බණ්ඩාරනායක මැතිතුමාට නායකත්වය දුන්නා. ඊළඟට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බලවේගයේ නායකත්වය දැරුවා. ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්තයා. අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. හැබැයි මේ ඉතිහාසය පුරාම ඒ ජාතිකවාදී බලවේගවල කොඩිය තියාගෙන හිටිය නායකත්වයට අද කවුරුත් ඉදිරිපත් වෙලා නෑ. මේ ජනාධිපතිවරණයේ දී සමස්ත බලවේග වෙනුවෙන් ඉන්න අධිරාජ්‍ය විරෝධී බලවේග වෙනුවෙන්, දේශප්‍රේමී බලවේග වෙනුවෙන් ඉන්න එකම අපේක්ෂකයා දිලිත් ජයවීර මහතා. ඒ නිසා රටට ආදරේ හැමෝගෙම ඡන්දය එතුමාට ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා."



Gamanpila 2024.08.13


ජන අරගල සන්ධානයේ බෝපගේත් ඇප මුදල් තැන්පත් කරයි


ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (13) පෙ.ව.10.00 ට රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සිදුකෙරිනි.

ඇප තැන්පත් කිරීම සිදු කරනු ලැබුවේ ධර්මසිරි ලංකාපේලි විසිනි.

එම අවස්ථාවට නුවන් බෝපගේ, වසන්ත මුදලිගේ, ධර්මසිරි ලංකාපේලි, නිරෝෂා ගුරුගේ, දුමින්ද නාගමුව, නූර් මොරීන්, පී. ඩී. සරණපාල, තරිඳු උඩුවරගෙදර, සිතාරා කුලරත්න සහභාගී විය.

නුවන් බෝපගේ වෙනුවෙන් වන ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය හෙට (14) නුගේගොඩ රැලියෙන් ආරම්භ වේ. රැලිය අගෝස්තු 14 සවස 3.00ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨයේදී ආරම්භ වේ.

 



peratugami 2024.08.13

worky sin

නවතම පුවත්