ධනය එක් රැස්කිරීම සහ ලාභ ලැබීම මතම පමණක් කටයුතු කිරීම මඳකට පසෙකලා තල්රුප්පාවේ දරු දැරියන් පතපොතට හුරු කිරීමේ
අරමුණින් යාල්පානම් වෙළඳ, වානිජ සහ කර්මාන්ත මණ්ඩලය ඉකුත්දා නව ආරක වැඩපිළිවෙළක් ආරම්භ කළේය.
ඒ අනුව යාපනය වීරසිංහම් ශාලාවේ දී ඉකුත්දා (09) ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක් පැවතිණි.
උතුරු පළාත් ආණ්ඩුකාර එස්.පි. එම්. චාල්ස් ගේ ප්‍රධානත්වයෙන් දකුණු ලක පොල්රූපාවේ ප්‍රබල වාණිජ මණ්ඩලයක් වන Ceylon Federation Of MSME සභාපතිනි සසිකා ද සිල්වා සහ සම්භාවනීය අමුත්තන් රාශියකගේ සහභාගිත්වයෙන් මෙම ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.
උතුර දකුණ යළි සහෝදරත්වයෙන් සමගියෙන් සහජීවනයෙන් එක දම්වැලක පුරුකක් සේ, එක මවකගේ දූ දරුවන් සේ එක්සත් කිරීමට ඉතාම යෝග්‍ය වැඩපිළිවෙළ වන්නේ සිංහල දෙමළ භාෂා දැනුම දෙපිරිසට ම ලබාදීමයි. මෙන්ම දෙපිරිසගේම ආගමික, සංස්කෘතික, ආකල්ප හා අනෙකුත් සෑම ක්ෂේත්රයකම දැනුම් සම්භාරය හුවමාරු කර ගැනීම මෙම වැඩසටහනේ මූලික ඉලක්කයන් එය බව යාපනයේ වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය වාසුදේවන් රාසයියා ප්‍රකාශ කළේය.
මෙම ප්‍රදර්ශනය සඳහා ග්රන්ථ කතෘවරුන්, පොත් ප්‍රකාශකයින්, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, විශ්වවිද්‍යාල දරු දැරියන්, ව්‍යාපාරිකයින් ව්‍යවසායකයින් නව නිපැයුම්කරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී සිටයහ.
යාපනය ප්රමුඛ උතුරු අර්ධද්වීපයේ තිරසාර සංවර්ධනයක් ඇති කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ආයෝජන සැලැස්මක් සකස් කර ඇතැයි මේ අවස්ථාව ඇමතූ උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ප්‍රකාශ කළාය.
උතුරු පළාතේ සංචාරක කර්මාන්තය පාරිසරික හා ආගමික අංශ මුල්කරගත් සංචාරක කර්මාන්තයක් ලෙස ද, ධීවර කර්මාන්තය ද, එමෙන්ම එම ප්‍රදේශවල පවතින ස්වභාවික සම්පත් ද රටේ සමස්ත ආර්ථික දියුණුවට මනාව යොදා ගැනීමට නව සැලසුම් සකස් කොට ඇතැයි ආණ්ඩුකාරවරිය මෙහිදී කීවාය.
නව කෘෂිකාර්මික කර්මාන්ත හා සේවා සියල්ල ආරම්භ කිරීමේදී ආයෝජකයින්ට ඉතාමත්ම පහසුවෙන් ඒවා ඇරඹීමට මිත්‍රශීලී පරිසරයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවද ආණ්ඩුකාරවරිය කීවාය.
එමෙන්ම උතුරු පළාතට අලුතින්ම සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇතැයි ද ඇය කීවාය.
මේ අවස්ථාව ඇමතු ශෂිකා ද සිල්වා සඳහන් කළේ, යාපනය අර්ධද්වීපයේ නව කර්මාන්ත සේවා සහ කෘෂිකර්ම කටයුතු ආරම්භ කිරීම ඉතාම සුදුසු බිම බවයි.
'' කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සමග අප ගිවිසුම් ගතව සිටිනවා. රටේ ව්‍යසායකත්වය ඉහළ නංවීමට.'' ඒ සඳහා වැඩි වැඩියෙන් දකුණේ ව්‍යවසායකත්ව සංගමයක් ලෙස තමන් ඉදිරියේදී පියවර ගන්නා බවද සභාපතිනිය කීවාය.
යාපනය පැවැති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සම්භාවනීය අමුත්තන් විසින් විවෘත කරන අයුරුයි මේ.
(ජේ. මුණසිංහ)