කළුතර දිස්ත්‍රික් නව භික්ෂු එකමුතු කතිකාවට එක්වූ මහා සංඝරත්නය අද (13) පානදුර වයිට් හෙවන් හෝටලයේ දී පවත්වනු ලැබූ මාධ්‍ය හමුවක දී

ජනාධීපති රනිල් වික්‍රමසිංහ  ඉදිරි ජනාධිපතිවරණයේ දී නැවතත් ජනාධිපති ධුරයට පත්කර ගත යුතු බව ප්‍රකාශ කර සිටියහ.

මෙම අවස්ථාවට ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ රෝහණ පාර්ශ්වයේ, බස්නාහිර පළාතේ කළුතර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, අතිපූජ්‍ය ගෝනගලපුර සමිද්ධි නාහිමි, සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ බෝධිනාගල වනවාසී සංඝ සභාවේ ලේඛකාධිකාරී, පැලවත්ත ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය හැවනේ ධම්මානන්ද නාහිමි, පූජ්‍ය දඹගොල්ලේ පදුමසිරි හිමි, පූජ්‍ය නාමල්තලාවේ දමිත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්න විශාල පිරිසක් එක්ව සිටියේය.  

වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේලා කියා සිටියේ, ජනාධිපතිවරණය වෙනුවෙන් මේ දිනවල විවිධ අපේක්ෂකයන් වේදිකා තනමින් ජනතාවට විවිධ පොරොන්දු ලබාදෙමින් ගිය ද රට අගාධයට වැටුණු මොහොතේ රට බාරගැනීමට කිසිවෙක් නොසිටි බවත් තමන් රටට පොරොන්දු වූවා සේ වසර දෙකක් වැනි කෙටි කාලයකින් රට යම් ස්ථාවර මට්ටමකට ගෙන ආවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවයි.

එබැවින් වත්මන් ජනාධිපතිවරයාගේ පාලනය පිළිබද යම් කිසි විශ්වාසයක් තැබිය හැකි බවත්, මේ වෙලාව අත්හදා බැලීම් කරන්නට සුදුසු වෙලාවක් නොවන බවත් උන්වහන්සේලා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියහ.

izposerf

 

worky sin

නවතම පුවත්