theleaderlk 01

එළඹෙන ජනාධිපතිවරනයේදී සජිත් ප්‍රේමදාස වෙත සහය පළකරමින් පාඨලී චම්පික රණවක දරන එක්සත් ජනරජ පෙරමුණ, සමගි ජන සන්ධානය සමඟ සන්ධානගත

වීමේ නිළ උත්සවය අද (14) පෙ.ව. 11.30 ට තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනොක් හෝටලයේ දී පැවැත්වේ.

මෙහිදී ජනාධිපතිවරණය මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණය මෙන්ම ප්‍රදේශය සභා මැතිවරණ වලදී සමගි ජන සන්ධානය සමග එක්ව වැඩකිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කිරීමට නියමිතය.

පසුගිය ජනාධිපතිවරනයේදී ද සජිත් ප්‍රේමදාස වෙත සහය දුන් චම්පික රණවක, අනතුරුව පැවති මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ තරඟකර පාර්ලිමේන්තුවට තේරී පත්විය. අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග ඇතිවූ ගැටුමක් හේතුවෙන් සජබෙන් ඉවත්වී එක්සත් ජනරජ පක්ෂය පිහිටුවා ගනිමින් වෙනම දේශපාලන ගමනකට මුලපිරිය.

සජිත් ප්‍රේමදාස වෙත අද දිනයේ මෙසේ සහයපලකිරීම තීරණය කිරීමට පෙර ඔහු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමගද කිහිප වරක් සාකච්ජා පවත්වා තිබිණ.



WhatsApp Image 2024 08 14 at 00.24.46

pe2024 2

worky sin

නවතම පුවත්