රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ යෝජනා, පත්කළ කමිටු වාර්තාව අනුව මිස කිසිදු දේශපාලන අරමුණක් අනුව ඉදිරිපත් නොකළ බව මුදල් රාජ්‍ය  ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේය.


රජය හැකි සෑම විටක ම ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබාදීමට කටයුතු කර ඇති බවත්, රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ යෝජනා තුළ කිසිදු දේශපාලන අරමුණත් නොමැති බවත් රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා කිය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, කලක පටන් පැවති ඉල්ලීම් සලකා බලා හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න ගේ ප්‍රධානත්වයෙන් පත් කළ විශේෂඥ කමිටුව මගින් ලබාදුන් නිර්දේශ හා තීරණ අනුව ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවයි. 

එහිදී පවතින ජීවන තත්ත්වය, ආර්ථික තත්ත්වය, ගෙවීමේ හැකියාව ආදී සෑම පැතිකඩක්ම පිලිබඳ අවධානය යොමුකර මෙම කමිටු වාර්තාව සකස් කර ඇති බව සඳහන්‍ කළ අමාත්‍යවරයා, විපක්ෂය බදු අඩු කර පඩි වැඩි කරන බව පැවසීම හා එම ක්‍රමවේදය සම්බන්ධයෙන් නම් සොයා බැලිය යුතු බව පැවසීය.

එමෙන්ම සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් පැවති සාකච්ඡා වලින් අනතුරුව පත්කළ කමිටුව මගින් ලබාදුන් විසඳුම් යෝජනා මීළග කැබිනට් මණ්ඩලයට ඉදිරිපක් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේ ය.

(ජේ. මුණසිංහ)

worky sin

නවතම පුවත්