ජනතාව මෙම පීඩාකාරී වාතාවරණයට ඇද දැමුවේ නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම බවත් ජන මනස් හි කිඳා බැස ඇති සත්‍යයක් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසී ය.


ඔහු මෙලෙස පැවසුවේ ඊයේ (13) කොළඹ විපක්ෂනායක කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්  

ජනතාවගේ බලාපොරොත්තුව සජිත්

‘‘පසුගිය වසර දෙක තුළ ජනතාව විඳින දුක තුට්ටුවකට හෝ මායිම් නොකිරීමේ ප්‍රතිපලය අද වන විට ජනාධිපතිතුමන් භුක්ති විඳිමින් සිටිනවා. වෙනත් මැතිවරණවලදී අපේ පක්ෂය පරාජයට පත් වන ආසන මෙවර අපිටට ඉතා වාසිදායක තත්වයේ පවතිනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ජනග්‍රහණය ඒ ආකාරයෙන් තහවුරු වී තිබුණත්, ජනතාව තව තවත් පීඩාවට පත් කරමින් පෝලිම් අවසන් කළ බවට බොරු කියන රනිල් වික්‍රමසිංහ මහතාව ජන මනසින් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. 

ඒ වගේ ම ජවිපෙට මේ තත්වය විසඳාලන්න කිසිදු වැඩ පිළිවෙළක් නැති බවත් ජනතාව හොඳින් වටහාගෙන ඉවරයි. ඒ නිසා මේ වෙද්දි ජනතා විශ්වාසය පවතින්නේ සමගි ජන බලවේගය පිළිබඳවයි; පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දිනවීම තමයි ජනතාවගේ අධිෂ්ඨානය.

රනිල් ප්‍රතික්ෂේප වෙන හේතු තුන

වත්මන් ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරන්න සිදුවන ප්‍රධානතම හේතූන් තුනක් තියෙනවා. පළමු හේතුව තමයි මහබැංකු මංකොල්ලය කරේ කැබිනට් මණ්ඩලයටත් හොරෙන් වුනාට, රුපියල් කෝටි 90,000 ඉක්මවපු VFS ගණුදෙනුව හරහා කරන්න උත්සාහ දරපු වංචාව කැබිනට් මණඩලයත් හවුල් කර ගෙන කරපු එක. 

IMF මූල්‍ය සහනය අමෙරිකානු ඩොලර් බිලියනදෙකයි දශම නමයක් වෙද්දි VFS වංචාවේ අයුතු ලාභය අමෙරිකානු ඩොලර් බිලියන දෙකයි දශම හතයි පහයි. දෙවැනි හේතුව තමයි ජනාධිපතිතුමා දිනවන්නට කැපවන පාර්ලිමේන්‍තු මන්ත්‍රීවරුන් රැකගන්නා බවට ජනාධිපතිවරයා විසින් පසුගියදා සිදු කරපු ප්‍රකාශය. දූෂණ, සොරකම්, වංචා හා මිනීමැරුම් චෝදනා සහිත පුද්ගලයන් රැකගන්නා ජනාධිපති කෙනෙකු රටේ සිවිල් නීතිය කෙසේ ආරක්ෂා කොහොම ද...? 

ජාත්‍යන්තර සහාය හිමි ආර්ථික ඔස්තාර් කෙනෙකුන් විදියට හඳුන්වපු වික්‍රමසිංහ පසුගිය වසර දෙක තුළ නව ආයෝජන අවස්ථා නිර්මාණය කිරීමට මොනවත් ම කරලා නැහැ. තුන්වැනි හේතුව තමයි ජනපති කරල තියෙන්නෙ විදෙස් ණය නොගෙවාම, මෙරට ණය ප්‍රමාණය ඩොලර් බිලියන සියය දක්වා ඉහළ නැංවීම විතරක් වීම.

ප්‍රභූ පෙළැන්තිය සහ දුප්පතුන් අතර තරගය

පෙර මැතිවරණවලදී ජනතාව කරගත් වරද නිවැරදි කර ගන්න මේ වතාවෙ සැදී පැහැදී ඉන්නවා. ජාති ආගම් ප්‍රාදේශීය භේදයකින් තොරව ඒ සඳහා එක් වෙනවා. මෙවර ජනාධිපතිවරණය ප්‍රභූ පැළැන්තිය හා දුප්පතුන් අතර තරගයක්. ප්‍රභූන් ධන කුවේරයන් කරමින් තමා තවදුරටත් දුක් විඳිනවාද...? 

ප්‍රභූ පවුල් වල දරුවන්ට ඉහළ අධ්‍යාපන අවස්ථා ලබා දෙනවාද? එසේත් නැතිනම් තම දරුවාට සුපිරි හා සුහුරු අධ්‍යාපනය ලබා දෙනවාද..? ප්‍රභූ පාලකයා ගෙනගිය කොමිස් ජාවාරම් සඳහා තවදුරටත් ඉඩ දෙනවාද? නැතිනම් ජනතා මුදල් සාධාරණව බෙදී යන පරිදි සංවර්ධන කටයුතු සඳහා යොදවනවාද...? කියන ප්‍රශ්නවලට ජනතාව මේ වෙද්දි පිළිතුරු ලබාගෙන ඉවරයි.’’

(සටහන - ජයසිරි අලවත්ත)

worky sin

නවතම පුවත්