කොරෝනා වසංගතය මැඩලීමේ සටනට බාධාවකින් තොරව දිගටම හවුල් වීම සඳහා අවශ්‍ය ඉල්ලීම් සපුරා දීමට රජයට සති දෙකක කාලයක්

නියම කර දෙමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) අද සිට දියත් කිරීමට නියමිත වර්ජනය කල් දමා තිබේ.

අවම ආරක්ෂක පහසුකම්වත් නොමැති බව පවසමින් අප්‍රේල් හතර වැනිදා සිට සිය රාජකාරි වලින් ඉවත් වීමට කලින් තීරණය කර ඔවුන් වර්ජනය කල් දමා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරිය සමග අප්‍රේල් 02 බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.

අප්‍රේල් 04දාට දින නියම කර තිබූ වැඩ වර්ජනය තාවකාලිකව නවතා දැමීමට මාර්තු 03 සිකුරාදා හවස් කාලයේදී තම සංගමය  තීරණය කළ  බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති එම්.ජී.යු රෝහන මාධ්‍යවේදීන් හා කියා සිටියේ සිය ඉල්ලීම් හතරෙන් ඉල්ලීම් දෙකක් සදහා මේ වන විටත් විසදුම් ලැබී ඇති බැවින් රටේ පවතින වාතාවරණය හේතුවෙන් වැඩ වර්ජනය දින 14 කින් කල් දැමීමට තීරණය කළ බවයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති එම්.ජී.යු රෝහන, සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාතාංශයේ ලේකම්වරයාට පසුගියදා   ලිඛිතව දැනුම් දී තිබුනේ  තම ගැටළු  දිනක් තුළ විසදීමට කටයුතු නොකරන්නේනම් අවම පහසුකම් යටතේ මසකට ආසන්න කාලයක් පවත්වාගෙන  කොරෝනා වසංගතය තත්ව පාලනයට අදාළ නිවාරණ  රාජකාරි  මෙහෙවර අප්‍රේල් මස හතර වන දින සිට නවතා දැමීමට සිදු වන බවයි.

 

ඉල්ලීම්වලින් බාගයක්

අවම ආරක්ෂක පහසුකම්වත් නොසැපයීම, ක්ෂේත්‍ර රාජකාරි සදහා ප්‍රවාහන පහසුකම් නොසැපයීම, ආහාර ඇතුළු මුලික පහසුකම් නොසැපයීම, අත්‍යාවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් නොකරමින් නිලධාරීන් අවධානමේ හෙලීම ඔවුන්ගේ ඉල්ලීම් ලෙස ඉදිරිපත් කර තිබුනි.

සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවැති විශේෂ සාකච්ඡාවේදී පළමු ඉල්ලීම් දෙක සදහා විසදුම් ලැබුනු අතර අත්‍යාවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කිරීම සදහා සති දෙකක කාලයක් අමාත්‍යවරියට ලබා දුන් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති එම්.ජී.යු රෝහන මාධ්‍යවේදීන් හා කියා තිබේ.

අත්‍යාවශ්‍ය නෛතික ප්‍රතිපාදන යන්නෙන් ඔහු සදහන් කර ඇත්තේ නිරෝධායන හා රෝග ස්පර්ශකයන් වෙන් කර තැබීමේ ආඥා පනතේ පරීක්ෂක වරුන් ලෙස නිසි බලයක් අමාත්‍යවරිය විසින් ඔවුන් වෙත  පවරා දීමයි.

''අත්‍යාවශ්‍ය නෛතික ප්‍රතිපාදන යන්නෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) සදහන් කර ඇත්තේ, නිරෝධායන හා රෝග ස්පර්ශකයන් වෙන් කර තැබීමේ ආඥා පනතේ පරීක්ෂක වරුන් ලෙස නිසි බලයක් අමාත්‍යවරිය විසින් ඔවුන් වෙත පවරා දීමයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් තමා වෙත ලැබී තිබුන පෞද්ගලික පරිත්‍යාගයක් වන දෑත් සේදීම සදහා යොදා ගන්නා විෂබීජ නාශක බෝතල් 4000 ක් ද මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයට ඊයේ රාත්‍රියේ පැවැති විශේෂ සාකච්ඡාවක් අතරතුරදී  ලබාදීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

දිවයින පුරා දැනට උද්ගත වී පවතින COVID-19 කොරෝනා වෛරසය පැතිරීම පාලනය හා මර්දනය කිරීම සදහා ගත යුතු ක්‍රියාදාමයන්  පිළිබදව සහ දැනට එම කටයුතු වල යෙදී සිටින වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළීබදව සොයාබැලීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුලු සෞඛ්‍ය වෘත්තීය සමිති 20 ක  පමණ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් මාර්තු 29  දින පවත්වා තිබේ.

 

අමාත්‍යවරියගේ කණගාටුව

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සදහා ගෙනයන වැඩපිළිවෙලට සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධව කොන්දේසි විරහිතව සහයෝගය ලබාදෙන බව ද වෘත්තීය සමිති නායකයන් පැවැසු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් විරාජ් අබේසිංහ මාධ්‍යයට නිකුත් කර තිබෙන නිවේදනයක සදහන්ය.

එවන් පසුබිමක් තුළ  කොරෝනා මර්දන මෙහෙයුම් සදහා එක්ව සිටින සිය නිලධාරීන්ට මුහුණපෑමට සිදු වූවා යැයි පැවැසෙන කරුණු හතරක්   මුල්කරගෙන  අප්‍රේල් හතර දින සිට රාජකාරි කටයුතු වලින්  ඉවත් වන බවට සිදු කළ නිවේදනය කණගාටුවට කරුණක් බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය  ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි අප්‍රේල් 02 පැවැති විශේෂ සාකච්ඡාවේදී සදහන් කර තිබේ.

####################

Covid add 1

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්