ඉදිරි ජනාධිපතිවරනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දීමට දේශප්‍රේමී ජනබලවේගය තීරණය කර තිබේ.


එම පක්‍ෂයේ විධායක සභාව ඊයේ රැස්වී ඒකමතිකව එම තීරණය ගෙන ඇත.  

ඇද වැටි තිබු රටේ ආර්ථිකය ගොඩගනිමින්, නීතිය හා සාමය ස්ථාපිත කිරීමට පසුගිය වසර දෙකක කාලය තුල ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්  ගෙන ගිය වැඩ පිළිවෙල අගය කරන දේශප්‍රේමී ජන බලවේගය, මින් ඉදිරියටද රනිල් වික්‍රමසිංහගේ නායකත්වය මව්බිමට අවශ්‍ය බව අවධාරණය කර සිටියි.
.
ඒ අනුව එළඹෙන ජනාධිපතිවරණයේදී තම පක්ෂය, අනුබද්ධ සංවිධාන සහ සමස්ත සාමාජිකත්වය එක්ව රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ඇප කැපවී කටයුතු කරන බව ද එම පක්ෂය පවසයි.

දේශප්‍රේමී ජන බලවේගය පක්ෂයේ නායක සුගත් හේවාපතිරණ ඇතුළු එම පක්ෂයේ නියෝජිත පිරිසක් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදෙන බවට සහතික වී තිබේ.

wser254

 

worky sin

නවතම පුවත්