වැලිකන්ද රෝහලේ සිටි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

ඉතාලි‍‍යේ සිට පැමිණි සිටි 40 හැවිරිදි ‍පිරිමි පුද්ගලයෙක් මෙලෙස නිව්මෝනියා තත්ත්වයෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරයි.

ඒ අනුව ලංකාවේ මිය ගිය රෝගීන් සංඛ්‍යාව 05 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ රාත්‍රී වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 159 ක් වාර්තා විය.

සුවය ලබා රෝහ‍ල්වලින් පිටව ගිය සංඛ්‍යාව 24ක් වෙයි.

තවත් සැක සහිත රෝගීන් 250 දෙනෙකු රෝහල්ගතව වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

 

ආසාදිතයින් සිවුදෙනෙකු වෛරසයට ගොඳුරු වූ හැටි අභිරහසක් !

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති මෙරට පුද්ගලයින්ගෙන් සිව්දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇත්තේ කෙසේදැයි මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සමාජයේ කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයින් ද සිටිය හැකි බවද එම සංගමය සඳහන් කරයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් වෙන් නොකර සමාජය තුළ ගැවසීමට ඉඩහැරීම අධි වසංගත තත්ත්වයක් කරා ළගාවීමට හේතුවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති සාරද කන්නන්ගර ප්‍රකාශ කළේය.

කොරෝනා වෛරසය සීග්‍රයෙන් රට තුළ ව්‍යාප්තවීමත් සමග ජනතාව පෙරට වඩා සෞඛ්‍ය පුරුදුවලට යොමුවිය යුතු කාලසීමාවක් පැමිණ ඇති බව ද ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.

එමෙන්ම සමාජය අතර ගැවසීමෙන් වැළකී තමන්ට අවශ්‍ය ආහාර බෝග සිය ගෙවත්තේම වගා කරගැනීමට පුරුදුවීම ද මේ මොහොතේ දී යෝග්‍ය බවරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති සාරද කන්නන්ගර වැඩිදුරටත් කියා සිටියේය.

 

 ග්‍රෑන්ඩ්පාස් වාස් පටුමගත් වසා දමයි !

grandpass

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය මරදාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා ජීවත් වූ ඉමාමුල් අරූස් මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණය තවදුරටත් වසා දමා ඇත.

එහි වෙසෙන ජනතාවගේ මානසිකත්වය ඉහළ නැංවීමේ අරමුණීන් පොලීසිය ඊයේ සුවිශේෂී කටයුත්තක් සිදු කළේය. ඒ, පොලිස් සංගීත කණ්ඩායම විසින් එම නිවාස සංකීර්ණය අසල සංගීතමය වැඩසටහක් සංවිධාන කරමිනී.

මේ අතර අදාළ පුද්ගලයාගේ පුත්‍රයෙකු වාසය කළ ග්‍රැන්ඞ්පාස් ‘‘ද වාස් පටුමග’’ තවදුරටත් වසා දැමීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. ඔහුගේ පවුලේ සියලූදෙනා ද මේවනවිට නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ පවසයි.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගිය මරදානේ පදිංචිව සිටි පුද්ගලයා ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේ ද ග්‍රෑන්ඩ්පාස් ‘‘ද වාස්’’ පටුමගේ පදිංචි ඔහුගේ පුත්‍රයාගේ නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසිනි.

ඔවුන් ඒ සඳහා ඇඳිරිනීති අවසරපතක් ලබා ගැනීමට ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වෙත ගොස් ඇති බවට ද අනාවරණ වී ඇත.  ඒ අනුව අදාළ අවස්ථාවේ එම පොලිස් ස්ථානයේ සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ද නිරෝධායනය වන ලෙසසෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී ඇත.

 

පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයක සිටී කාන්තාවකටත් කොරෝනා :

මේ අතර පුත්තලම සහිරා ජාතික පාසලේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත. එම කාන්තාව ඊයේ රාත්‍රීයේ IDH රෝහල වෙත යොමු කෙරුණු බව සෞඛ්‍ය අංශ පවසයි.

අදාළ කාන්තාවගේ සැමියා ද කොරෝනා ආසාදිතයෙකු ලෙස ඉකුත් 31 වනදා හඳුනා ගෙන තිබිණ. ඔහුද එදින වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 10 දෙනා අතරට අයත්වූවෙකු බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

මෙම පුද්ගලයා ඉන්දුනීසියාව සහ තවත් රටවල් කිහිපයකටද ගොස් ඇති බව ද මේවනවිට අනාවරණ වී ඇත. ඔහු ඉකුත් 26 වනදා පුත්තලම, කඩුමයන්කුලම ප්‍රදේශයෙන් හමුවූ පළමු නව කොරෝනා ආසාදිතයා සමග ඉන්දුනීසියාවේ සංචාරයකට එක්ව ඇති බව ද හෙළිව තිබේ.

 

###################

Covid add 1

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්