මේ වන විට රනිල් වික්‍රමසිංහගේ ධනවාදයේ සළුපිළි ගැලවි ඇති බව ජන අරගල සංධානයේ ළහිරු වීරසේකර පැවසී ය.


ඔහු මෙලෙස පැවසුවේ ඊයේ (14) නුගේගොඩ පැවති ජන අරගල සන්ධානය මංගල රැලියේ දී ය.

එහි දී අදහස් වැඩි දුරටත් දැක්වූ දැක්වූ ළහිරු වීරසේකර...

''අපි, අයි. එම්. එෆ්. මැදිහත්වීම පරාජය කරනවා'' 

 
‘‘අන්න පිටිපස්සෙ බෝඩ් එකේ රනිල් වික්‍රමසිංහ ඉන්නවා. එයා කියනව එයා ජනාධිපති ලු. බෝඩ් එකේ නං එයා කලිසම ඇඳගෙන. හැබැයි එයාගෙ ධනවාදයේ සළුපිළි ගැලවිලා. දැන් මහින්දානන්දල ඇතුළු පොහොට්ටු නඩය ඒ සළු අන්දන්න ආයෙ ඇවිත්. අපි කියනවා... අපි ඒකට ඉඩ තියන්නෑ. සජිත් ඇතුළු අනිත් හැමෝටම අපි මතක් කරන්නෙත් ඒක.

අපෙන් ගොඩක් අය අහනවා බලය දියවන්නාවෙන් එළියට සටන් පාඨය නං මැතිවරණයට එන්නෙ ඇයි කියලා. අපි කියනවා අපේ ප්‍රතිපත්තිය ඇතුළෙ අලුත් ව්‍යවස්ථාවක් යෝජනා වෙනවා. ඒක ඇතුළෙ මහජන සභා පිළිගනිමින් ජනතාවට දේශපාලන ආර්ථික තීරණ ගන්න බලය දෙනවා. ඒ නිසා තමයි අපි එදා ඒ සටන් පාඨය කියන්නෙ. අද අපි මැතිවරණ වේදිකාව තුළත් ඒ සටන් පාඨය නියෝජනය කරනවා. ඒ නිසා විවාද කරන්න දෙයක් නෑ. ගොවි අරගල, ශිෂ්‍ය අරගල, ධීවර අරගල, ජයග්‍රහණය කරේ එළියෙ බලය; වසන්තලා හිරේ දැම්මාම නිදහස් කරගත්තෙ එළියෙ ජනතා බලයෙන්.

දැන් ඒ ඒ බනිසට ඒ ඒ කෙසෙල් වගේ සමහරු උතුරට එකක් කියනවා දකුණට එකක් කියනවා. දැන් දකුණට ඇවිත් කියනවා අපි යුද්ධෙ අනුමත කරාලු. ලැජ්ජයි. එයාල අහනව අපිට දිනන්න පුළුවන් ද කියලා ? අපි අහනවා මෙච්චර කල් දිනපු මහින්දලා මෛත්‍රීලා රනිල්ලා ගෝඨාභය ලා දිනල මොනවද කරේ කියල. ඒ නිසා අපි කියනවා අපි දිනනවන්නේ අපේ ප්‍රතිපත්තිය. අයි. එම්. එෆ්. මැදිහත්වීම අපි පරාජය කරනවා. ඉන්දියානු මැදිහත් වීම අපි පරාජය කරනවා. මේ රටේ වැඩ කරන ජනතාවගේ සටන් අපි ජයග්‍රහණය කරනව. ඒ තමයි අපේ ජයග්‍රහණය. ජන අරගල සන්ධානය මේ මැතිවරණ පෙරමුණට ගේන්නෙ ඒ සටන.’’

 මේ පාලකයො අපේ ලේ බොනවා - මොරින් නූර්


455695771 813858667568208 7998914813378910071 nමොරින් නූර්

එහිදී අදහස් දැක්වූ මොරින් නූර්...

‘‘අපේ රටේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි ඒවා විසඳන්න තාම කල්පනා කරනවා. ගෙදර ප්‍රශ්න, කුස්සියේ ප්‍රශ්න, දරුවන්ගෙ අධ්‍යාපන ප්‍රශ්න... පාලකයෝ මේවා විසඳයි කියලා අපි හිතාගෙන හිටියට එහෙම වුණේ නෑ. මේ පාලකයෝ කූඩැල්ලෝ වගේ එල්ලිලා අපේ ලේ බොනවා; අපි රැවටෙනවා විතරයි . පාලකයන්ට ඕන අපිව මේ තත්ත්වෙම තියලා ඒගොල්ලො ජයග්‍රහණය කරන්න. අපි ඡන්දෙන් තීරණය කරන්නෙ දරුවන්ගේ අනාගතේ. ඒ නිසා ඡන්දෙ දෙනකොට හිතන්න මේ අපේක්ෂකයා අපිට විශ්වාස කරන්න පුලුවන් ද කියලා. අද ජනතාවගේ මුහුණෙ සංතෝෂයක් හිනාවක් නෑ. ජනතාව ඉන්නෙ ප්‍රශ්න කන්දක යට වෙලා. රනිල් බලාගෙන ඉන්නෙ ඒවට උත්තර දෙන්න නෙමෙයි. රනිල්ට ඕන අයි. එම්. එෆ්. එකට කඩේ යන්න; අදානිලට අම්බානිලට මේ රට ලියල දෙන්න. මං දේශපාලනය දන්නෑ. හැබැයි මම දන්නවා දේශපාලකයෝ හොරු කියල.

ඔවු... අපි ඡන්ද කඩනවා...

සමහරු කියනවා අපි ආවෙ ඡන්ද කඩන්න කියලා. ඔව්... අපි ආවේ ඡන්ද කඩන්න තමයි. හැබැයි අපි කඩන්නෙ හොරුන්ගෙ ඡන්ද. දැන් සමහරු කියනවා අපිට ඡන්ද 1000ක් ගන්න බැරුලු. හැබැයි අපි කියනවා පොඩි වැස්සෙන් තමයි කවදහරි ගං වතුරක් ගලන්නේ. ඒ වගේ අපි කියනවා අපි ගංවතුරක් වෙලා ඔය පාර්ලිමේන්තුවට අපේ සහෝදරයෙක් යවනවා. රාජපක්ෂලා මේ රටේ කියලයි හිතාගෙන හිටියෙ. හැබැයි අපි රාජපක්ෂලා පස්සෙ දොරෙන් එළෙව්වා. දැන් රනිල් හොඳලු. රනිල් හොඳ නම් එයාට පුළුවන් නෙ රටේ ණය ටික ගෙවල දාන්න. දැන් සමහරු කියනවා අපි සජිත්ටලු. සජිත් අලියලු. මේවට හිනා යනවා.’’

 ''සයිටම් පරාජය කරේ අපි'' - දුමින්ද නාගමුව.


455677610 813841147569960 3649285618660422460 nදුමින්ද නාගමුව

එහි දී අදහස් දැක්වූ දුමින්ද නාගමුව...

‘‘එදා මේ වෙදිකාවේ සයිටම් අරගලයෙ දි මහාචාර්ය කාලෝෆොන්සේකා කිව්වෙ මොකක්ද...? ‘මං කවදාවත් හිතුවෙ නෑ මේ වගේ වේදිකාවක් හදන්න පුළුවන් වෙයි කියලා.’ එහෙම තමයි එදා කිලෝ කිව්වෙ. හැබැයි අපි වේදිකාව හැදුවා විතරක් නෙමෙයි සයිටම් පරාජය කරා. එතනින් පස්සෙ ආව කොතලාවල පනතෙ ඉඳලා ගෝල්ෆේස් දක්වා සියලු සටන් අපි දිනුවා.

දැන් අපෙන් අහනවා ඡන්ද කීයද කියලා . අපි කියනවා මේ වේදිකාවෙ ඉන්නෙ ජනතාව එක්ක හැමදාම හිටපු මිනිස්සු. දැන් රනිල් පෝලිම් ඉවර කරාලු. අනුර සූට් මහණවා. රනිල් අනුර සජිත් හැමෝම රට වටේ ගියාට තාම ප්‍රතිපත්ති ප්‍රකාශයක් නෑ. අපි දන්නවා කොල්ලෙක් කෙල්ලෙක් යාළු උනත් අද ගිවිසුමක් තියෙනවා. හැබැයි මේ ආණ්ඩු පාලකයෝ ගිවිසුමක් නැතුව ජනතාවගෙන් ඡන්දෙ ඉල්ලනවා.

පේ ටැක්ස් එක බිලියන එකසිය පනහක් නිසා අද වෛද්‍යවරු රටෙන් ගිහිල්ලා. මහාචාර්යවරු රටෙන් ගිහිල්ලා. විදුලිබල මණ්ඩලය විදුලි බිලෙන් බිලියන ගානක් ලාභ හොයලා. මේවා තමයි අයි. එම්. එෆ්. කොන්දේසි. මැක්ඩොනල්ඩ් ආයතනය පහුගිය කාලෙ ඒගොල්ලන්ගෙ කඩ සාප්පු වැහුවා. ඇයි ඒගොල්ලො අබාන්ස් එක එක්ක ගහපු  ගිවිසුමට නෙමෙයි ආහාර දීලා තිබුණෙ. අන්තිම ජරා ආහාර වෙලක් දුන්නෙ. ඒක තමයි කියන්නෙ ලාභය වෙනුවෙන් ජරාව විකුණන්නෙ.

අපි බලය දෙන්නෙ ජනතාව අතට

අපි අපේ ප්‍රතිපත්තිය ඇතුළෙ යෝජනා කරන්නෙ ලාභය මූලික කරගත් ආර්ථිකයක් නෙමෙයි. අපි යෝජනා කරනවා ද්වි මණ්ඩලයක්. අපේ පනත් මේ ද්වි මණ්ඩලේ සම්මත වෙන්න ඕන. ජාතීන්ට සංවේදී ප්‍රශ්න මේ ව්‍යුහය ඇතුළෙ කතාකරන්න ඕන. හැබැයි මේකත් මේ ඉන්න මුස්ලිම් දෙමළ පාලකයන්ගෙන් පුරවන්න නෙමෙයි. මේ ව්‍යුහය ජන සහභාගී ව්‍යුහයක්. අපි යෝජනා කරනවා නැවත කැඳවීමේ බලය, නීති හැදීමේ බලය, ජනමත විචාරණ කැඳවීමේ බලය ජනතාවට දෙන ව්‍යවස්ථාවක් අපි ගේනවා. ඒ ගේන්නෙ බලය ජනතාව අතට ගේන්න.

2028 ණය ගෙවන්න වෙද්දි මේ අපායෙ ඉන්ටවල් ඉවරයි. ඒ නිසා රැවටෙන්න එපා. අපි දන්නව කෙන්නියාව වගේම අයි. එම්. එෆ්. බැහැපු හැම රටක ම ජනතාව කැරලි ගහනවා. ඒ නිසා අපි කියනවා අයි. එම්. එෆ්. ඉන්දියාව අටවන උගුලෙ තමයි රනිල් සජිත් යන්නෙ. පාලමේ ඉතුරු ටික යන්න එන අනුර එන්නෙත් ඒකට. ඒ නිසා මේ ප්‍රතිපත්තිවලට එරෙහිව කුඩය ලකුණ ජයග්‍රහණය කරවන්න මැදිහත් වෙමු.’’

''අපි, මේ සිස්ටම් එක වෙනස් කරනවා'' - තරිඳු උඩුවරගෙදර


455448204 813786310908777 69157855807052769 nතරිඳු උඩුවරගෙදර

තරිඳු උඩුවරගෙදර දැක්වූ අදහස්

මට නුවන් බෝපගේ හමු වුණේ අවුරුදු දහයකට කලින්. ඒ, චුන්නක්කරම් ජනතාවගේ වතුර ප්‍රශ්නෙ දි. අපිට නඩුව කතාකරන්න සල්ලි නැතුව ඉන්න වෙලාවෙ මේ නුවන් බෝපගේ තමයි ඒ වෙනුවෙන් මුදල් අය නොකර පෙනී හිටියෙ. දැන් ධනවාදයේ මළගම තමයි තියෙන්නෙ. දැන් පාලකයෝ උත්සහා කරන්නෙ ඒ මරණයට නැවත පණ දෙන්න. ඉලෝන් මාස් වගේ හාදයෝ දතකන්නෙ ඒකට. දැන් මේ සිස්ටම් එක දුවන්නෙ නෑ. ඒකෙ ආයතන අක්‍රියයි.

ජනතාව අතරෙ මේ සිස්ටම් එක ගැන විස්වාස නෑ. ඒක නිසා තමයි ජනතාව විස්සයි විසි දෙකේ තමන් පත් කරගත් ජනාධිපති පැන්නුවෙ. ඒ නිසා බොරු පැලැස්තර දාලා රකින්න මේකෙ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ඒ නිසා මේ සිස්ටම් එක අලුතෙන් හදන්න ඕන. පහුගිය කාලෙ හිරේ ගියේ, මියගියේ මේ අරගලය ඇතුළෙ අපි එක්ක හිටගත්ත මිනිස්සු. දැන් ඒ අරගලයෙන් ලෝකෙ රටවල් ආදර්ශ ගන්නවා. බංග්ලාදේශය ඒ දේ කරා. බ්‍රිතාන්‍ය මිනිස්සු අරගලයට ඇවිත්. ඒ නිසා දැන් ලෝකය ම කොමියුනිස්ට් වාදී ගිනිදැල්ලෙන් ඇවිළවිය යුතු කාලය ඇවිත්. මේ ඡන්දයෙදි අපිට නැති වෙන්න ඡන්ද නැ. අපිට තියෙන්නෙ එකතු කරන්න ඡන්ද.’’

 අපි ගින්නක්  - සුරේඛා සමරසේන


455817903 421588937604363 1949795771736733797 nසුරේඛා සමරසේන

සුරේඛා සමරසේන දැක්වු අදහස්...

‘‘වැස්සෙන් බේරෙන්න කුඩය ඉහළනව වගේ අපිට වෙලා තියෙනවා මේ නරුම දේශපාලන ක්‍රමයෙන් බේරෙන්න කුඩයක් ඉහළන්න. ඒ කුඩය තමයි ජන අරගල සන්ධානයේ ප්‍රතිපත්තිය; ජනතාවගේ ප්‍රතිපත්තිය. දැන් මේ රටේ ස්ත්‍රිය පීඩනයට පත් වෙලා. රටෙන් බාගයක් ගැහැණු උනාට තීන්දු තීරණ ගන්න තැන්වල කාන්තාවට ඉඩක් නෑ. දැන් සමහරු මිනිහා මැරුණාම දේශපාලනයට එනවා.

හැබැයි මම ස්ත්‍රීවාදිනියක් උණේ වියුක්ත අරගලයකට නෙමෙයි . මම අද මෙතන ඉන්නෙ මේ සිස්ටම් එක පෙරළීමකින් තොරව කාන්තාවට විමුක්තියක් නෑ කියලා දන්නා නිසා. අද ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා කාන්තාවෝ පීඩනයට පත් වෙලා. අද බෝපගේ සහෝදරයා මෙතන කාන්තා විමුක්තිය ගැන කතා කරේ ඇත්තට ම අවංක අරමුණින්. අපි කියනවා අපි ගින්නක්. දැන් අපිට පක්ෂයක් තියෙනවා. එන්න... ස්ත්‍රීවාදීනි එකතුවෙ;මු කුඩය දිනවමු.’’

 ''අපි අයි. එම්. එෆ්. එකෙන් ඉවත් වෙනවා'' - කල්ප රාජපක්ෂ


kalpaකල්ප රාජපක්ෂ

කල්ප රාජපක්ෂ දැක්වූ අදහස්

‘‘අපි අද ඉන්නෙ තීරණාත්මක අවිධියක. ලංකාවේ පාර්ලිමේන්තුවේ දි විදුලිබල ඇමති කිව්වා පහුගිය අවුරුදු දෙකට මිලියන එකයි දශම දෙකක විදුලිය කප්පාදු කරල කියල. අපි ඉදිරිපත් කරා ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. ඒකෙ අපි කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපි ඉවත් වෙනවා කියලා. ඒක අපි කියන්නෙ අවිද්‍යාවෙන් නෙමෙයි . කරන්න පුලුවන් නිසා.

මේ රටේ ලිබරල් ඉබ්බෝ ව්‍යාපාරිකයන්ගේ කෝටිපතියන්ගෙ පැත්ත අරං අපෙන් අහනවා IMF එකෙන් ඉවත් වෙන්න පුලුවන් ද කියලා . අපි කියනව ඔව් පුලුවන් . අපිට ඒකට වැඩපිළිවෙළක් තියෙනවා. මේ ප්‍රතිපත්තිය කියවලා අතිනත යවන්න. මේ දැනුම අපි සමාජයට ගෙනියමු. අපිට තියෙනවා ජාත්‍යන්තරවාදී විකල්පයක්. අපිට ලෝකෙ තියෙනවා ණයගැති රටවල් පනස් හතරක් පමණ. අපි ඔවුන් එක්ක ණයගැතියන්ගේ සාමූහිකයක් ගොඩනගනවා. අපි ජාත්‍යන්තර ණය විගණනයක් කරන්න ඕන. රනිල්ගෙ මහබැංකුවේ දත්ත අපි විස්වාස කරන්නෑ. මේ ණය ඇතුළෙ තියෙනවා පිළිකුල් ණය; විලෝපික ණය; මේ අසාධාරණ ණය අපි ගෙවන්නෑ. ඒ ඔස්සෙ ණය බර සියයට හැටක්වත් අඩු කරන්න අපිට පුලුවන්.

අපි යෝජනා කරනවා ආනයන ආදේශන ප්‍රතිපත්තියක්. මේවා කියන්න සමහරු බයයි. අපි අනිවාරෙන් ආනයන ආදේශන කර්මාන්ත නිර්මාණය කළ යුතුයි. ජනතාව ශක්තිමත් කරන්න ඕන. පහුගිය කාලේ මේ රටේ සල්ලි හොරෙන් රට ගෙනිහිල්ලා තිබුණා. ඒ නිසා අපිට ඕන ශක්තිමත් මූල්‍ය නීති, ශක්තිමත් ආර්ථික නීති. මේවා නිකන් හදපු ප්‍රතිපත්ති නෙමෙයි . අපි වග කියනවා සමාජවාදයට. ඒ නිසා ඔබ නුවන් බෝපගේ සහෝදරයාට දෙන ඡන්දය අයි. එම්. එෆ් එකෙන් ඉවත් වෙන්න දෙන ඡන්දයක්. ගෝලීය ත්‍රස්තවාදයට එරෙහි ඡන්දයක්.

(සටහන - ජයසිරි අලවත්ත)

 
 
 
peples

worky sin

නවතම පුවත්