කොරෝනා වයිරසය ඕස්ට්‍රේලියාවේ සිග්‍රයෙන් පැතිරීමත් සමග ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පද්ධතියේ විවිධ සංශෝධන සිදු කිරීමට එරට මධ්‍යම රජය පියවර ගෙන තිබේ.

ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය හඳුන්වා දුන් Stage 3 සීමා කිරීම් අනුව පුද්ගල දුරස්ථභාවය පිළිබඳ නීති දැඩි කිරීමට සියලුම ප්‍රාන්ත තීරණය කර තිබේ.

මෙම හේතු නිසා ඇතැම් වෛද්‍ය මධ්‍යස්ථාන වල දී පවුලේ වෛද්‍යවරයාව සාමාන්‍ය පරිදි මුහුණට මුහුණ මුණ ගැසී වෛද්‍ය සේවා ලබාගැනීමට මේ වන විට නොහැකි වී තිබේ.

ඕස්ට්‍රේලියාවේ බොහෝ රෝහල් වල සහ වෛද්‍ය මධ්‍යස්ථාන වල Telehealth සේවාවන් ක්‍රියාත්මක වන අතර නුදුරේදීම ඖෂධ වට්ටෝරුද අන්තර්ජාලය ඔස්සේ හෝ කෙටි පණිවිඩයක් හරහා ලබා ගැනීමට හැකියාව ලැබේ.

ඒ පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.

 

ඕස්ට්‍රේලියාවේ සේවකයින්ට "වසංගත නිවාඩු" !

මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ සේවකයින් හට "වසංගත නිවාඩු" නමින් නව නිවාඩු වර්ගයක් එරට මධ්‍යම රජය විසින් පෙරේදා (02/04) හඳුන්වා දී ඇත.

මෙම වසංගත කාලයේදී මිලියන ගණනක ඕස්ට්‍රේලියානු සේවකයින් හට මෙය වැදගත් වනු ඇති බව රජය පැවසීය.

දැනට ක්‍රියාත්මක ඔස්ට්‍රේලියාවේ රැකියා නියුක්ති ඛාණ්ඩ 121 න් 103 ක් ම මේ සඳහා සුදුසුකම් ලබා ඇත.

මෙම නව වසංගත නිවාඩු හරහා කොරෝනා වසංගතය හමුවේ සති දෙකක වැටුප් රහිත නිවාඩු ගැනීමට සුදුසුකම් ඇති සේවකයින්ට අවස්ථාව හිමිවේ.

ස්වයං නිරෝධායනය වීමට හෝ කොරෝනා වසංගතය නිසා රැකියාවට යාමට අපහසු වීම යන හේතු මත ඔවුන්ට මෙම නිවාඩු ලබා ගැනීමට හැකියාව ලැබේ.

ඕස්ට්‍රේලියානු ආර්ථිකය ආරක්ෂා කරගැනීමට මෙවැනි අන්දමේ සංශෝධන ගෙන ඒම ඉතා වැදගත් බව කර්මාන්ත කටයුතු අමාත්‍ය හා නීතිපති Christian Porter පැවසුවේය.

(www.sbs.com.au)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්