ශ්‍රී ලංකාව ලොව අංක එකට ගෙන ඒමේ ප්‍රතිපත්තිය තුළ සියලු දේ කැපකර පොදුජනතාව ජීවත් කරවන, රටේ නීතියට ගරු කරන, අහිමි වූ දේපළ සම්පත
හොරා කාපු මුදල් නැවත රටට ලබා ගන්නා පොදුජන යුගය බිහි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
විපක්ෂ නායකවරයා මෙලෙස පැවසුවේ 2024 ජනාධිපතිවරණය සඳහා අද නාමයෝජනා බාර දීමෙන් අනතුරුව පැමිණ සිටි සුවිශාල පාක්ෂිකයන් අමතමිනි.
එම අවස්ථාවේ දී ජනතාව ඇමතූ විපක්ෂ නායකවරයා...
‘‘අපේ දේශය, ජන ජීවිත, ලක්ෂ දෙසිය විස්සක් ජනතාව ගත කරන දුකින් මුදවා ගන්නා, සැමට සෞභාග්‍ය ලැබෙන, සැමට සංවර්ධනය උදා කරන නව යුගයක්, දූෂණය වංචාව හොරකම තුරන් කරන යුගයක්, පොදුජනතාවට පරාර්ථකාමීව සේවාවක් කරන යුගයක් සැප්තැම්බර් විසි එක ජනාධිපතිවරණයත් සමඟ නියත වශයෙන් ම ආරම්භ වන බව අපිට විශ්වාසයි. පොදුජනතාවගේ හයියෙන්, ලක්ෂ දෙසිය විස්සක් ජනතාව දිනවන ගමන සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය යනවා. රට ගොඩගත හැකි උගත් බුද්ධිමත් කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයට සහ සමගි ජන සන්ධානය සමගයි.’’
( සටහන - ජයසිරි අලවත්ත)