theleaderlk 01

ජනාධිපතිවරණයේ පළමු වටයෙන්ම 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් දිනා මීළඟ ජනපති ධුරයට සජිත් ප්‍රේමදාස තේරී පත්වීම ස්ථිර බව

සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසී ය.

එස්. එම්. මරික්කාර් මෙලෙස පැවසුවේ සජිත් ප්‍රේමදාස 2024 ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර දෙන අවස්ථාවේ ය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ එස්. එම්. මරික්කාර්...


කටින් පමණක් විප්ලව කරන්නන්ගේ කුලකය

‘‘ජනතා පීඩාවන්ට විසඳුම ලබා දිය හැකි එකම කණ්ඩායම සජබ බවට ජනතාව තුළ පවතින දැඩි විශ්වාසය මේ අවස්ථාවේ මැතිවරණ කොමිසම අවට ස්වභාවයෙන් මනාව පැහැදිලි වෙනවා. ධන කුවේරයන් විසින් මහජන මුදල් වංචා කිරීම නවත්තල දාලා, ජනතාවගේ දුකට වේදනාවට හා මහන්සියට නිවැරදි වටිනාකමක් හිමි කරල දෙන්න ඕන. ඒ නිසා අද දින නාමයෝජනා භාර දුන්නට පස්සෙ මෙරට ක්‍රියාත්මක වෙන්නේ පන්ති අතර සටනක්. වලව් පැළැන්තියට වගේ ම වලව්වල අන්තේවාසිකයන් වෙච්ච තරගකරුවන්, ජනතා විරෝධයට පාත්‍ර වෙලා. වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් මහජනයා සූරා කෑ, මහජන මුදල් සොරා කෑ යුගය අවසන් වීමට නියමිතයි.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න හැමෝ ම තරගකරුවන් විතරයි. මීළඟ ජනපති ලෙස නියත වශයෙන්ම තේරී පත් වන්නේ අපේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා. මේ තරගකරුවන් අතරින් නාමල් රාජපක්ෂ මහතා නියෝජනය කරන්නේ රට ආර්ථික බංකොලොත් භාවයට පත් කළ කුලක ය. රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරන්නේ හොරු මිනීමරුවන් වංචාකරුවන් රකින කුලකය. අනුර කුමාර මහතා නියෝජනය කරන්නේ කටින් පමණක් විප්ලව කරන්නන්ගේ කුලකය.’’

(සටහන - ජයසිරි අලවත්ත)

ft4545

 

 

pe2024 2

worky sin

නවතම පුවත්