theleaderlk 01

ප්‍රතිපත්ති ප්‍රකාශයක් වෙනුවට උපායමාර්ගික වැඩසටහනක් ඉදිරිපත් කරලා තිබෙන්නේ දිලිත් ජයවීර පමණක් බව දී

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පැවසී ය.

හෙතෙම මෙලෙස පැවසුවේ අද (16) පැවති සර්වජන මාධ්‍ය හමුවේ දී ය.

මතු දැක්වෙන්නේ එම මාධ්‍ය හමුවේ දී උදය ගම්මන්පිල කළ සම්පූර්ණ අදහස් දැක්වීම ය.

‘‘සර්වජන අපේකෂක ව්‍යවසායක නීතිඥ දිලිත් ජයවීර මැතිතුමාගේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානි ලෙස මාව පත් කර තිබෙනවා.  ඒ වගේම මාධ්‍ය ප්‍රධානි ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි වලේබොඩ මැතිතුමාවත් මාධ්‍ය ප්‍රකාශක ලෙස තරුණ මාධ්‍යවේදියෙකු වන දනිඳු විතානවසම් මහතාවත් පත් කර තිබෙනවා.

දිලිත්ගේ වෙනස් ම උපාය

දිලිත් ජයවීර මැතිතුමාගේ ජය සහතික කරන ප්‍රචාරක රැළි මාලාවේ මංගල රැළිය අගෝස්තු දාහත්වන සෙනසුරාදා යාපනයේ රක්කා පාර පිට්ටනියේ පැවැත්වීමට සංවිධානය කර තිබෙනවා.  ජාතික මට්ටමේ දේශපාලන සංධානයක් යාපනයෙන් සිය ජනපති සටන අරඹන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි.  අපි යාපනයට යන්නේ ජාත්‍යන්තර බලවේගවල උවමනාවට සිංහල දෙමළ ජනතාව අතර භේදය වෛරය වපුරලා මේ රට දෙපළු කරලා යාපනය වෙනත් රටක ප්‍රධාන නගරය කරන්න දරපු උත්සාහය පරාජය කරන්න අපි දායක වුණු නිසා.  මේ රට අත්හැර ගිය පිරිසකගේ මුදල්වලින්, ජාත්‍යන්තර බලවේගවල මුදල්වලින් හැමදාමත් ජාතිවාදය වපුරලා පාර්ලිමේන්තු එන දෙමළ ජාතික සංධානයේ ජාතිවාදි දේශපාලනය පරාජය කිරීම අවශ්‍ය නිසා. ඉදිරියේ දී රට පුරා පැවැත්වෙන රැළිවල දී දිලිත් ජයවීර මැතිතුමා අනෙකුත් අපේක්ෂකයින්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියන එක අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.  දිලිත්ගේ මැතිවරණ ප්‍රකාශනය වෙනස්;  දිලිත්ගේ වගවීම වෙනස්.  තමන් දුන් පොරොන්දු ඉටු නොකළොත් නඩු පවරන්න අවස්ථාව ජනතාවට ලබා දෙන බව කියන්නේ දිලිත් විතරයි.  දිලිත්ගේ රට හදන දැක්ම වෙනස්.  භෞතික සංවර්ධනයෙන් නොනැවති මානසික සහ අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති සතුටු දැයක් හදන බව කියන්නේ දිලිත් විතරයි.  දිලිත්ගේ උපාය වෙනස්.  ව්‍යවසායක රාජ්‍යයක් හරහා රට හදන බව කියන්නේ දිලිත් විතරයි.  කෙටියෙන් කිව්වොත් අනිත් අපේක්ෂකයින්ට සාපේක්ෂව දිලිත්ගේ හැමදේම වෙනස්.


චම්පික රණවකගේ ලෝක ශූරත්වය
ලෝක ශූරයින්ගේ වැදගත් චරිත ලක්ෂණයක් තමයි තමන්ගේ වාර්තා වෙන කෙනෙකුට බිඳින්න ඉඩ නොතබා තමන්ම අලුත් කරන එක.  අන්න ඒ වගේ ලෝක ශූරයෙක් තමයි චම්පික රණවක මැතිතුමා.  එතුමාට හිමි ලෝක වාර්තාව වැඩිම වතාවක් පිලෙන් පිලට පැනීමේ ගෙඹි ලෝක වාර්තාව. එක්දහස් නවසිය අසූ හතේ දී ජනතා විමුක්ති පෙරමුණ අත්හැර චින්තන පර්ෂදයට පැනීමේ සිට මේ දක්වා දාහත් වතාවක් පිල් පැනලා තිබුණා.  නැවත සමගි ජන සංධානයට එකතු වීම දහඅටවන වතාවට පිල් පැනලා තමන්ගේම වාර්තාව අලුත් කිරීමක්.  මේ වාර්තාව නැවත කඩනවා නම් කඩන්න පුළුවන් චම්පිකට විතරයි.  මේ තරම් දක්ෂ පිල් පැනීමේ ශූරයෙක් සමස්ත ලෝකයේම බිහි වෙලාත් නෑ. බිහි වෙන්නෙත් නෑ. එතුමා නිල වශයෙන් පැන්නේ නැතත් පසුගිය කාලයේ හිටියේ ආණ්ඩුවත් එක්ක.  ආණ්ඩුවෙන් ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති ලෙස නම් කළේ ඒ නිසා.  ආණ්ඩුවේ අනිත් මන්ත්‍රිවරුන්ට විමධ්‍යගත අරමුල් කෝටි පහක් ලැබෙන කොට ජනාධිපතිගේ සුරතලෙක් විධියට මෙතුමාට කෝටි එකොළහක් ලැබුණා.  ආණ්ඩුවෙන් ලාභ ප්‍රයෝජන ගත් විපක්ෂයේ පක්ෂ නායකයින් මැතිවරණය ප්‍රකාශයට පත් කළාම ජනාධිපතිවරයාට සහය පළ කළා.  අන්තිම මොහොත වන තුරු ම ආණ්ඩුවෙන් ප්‍රයෝජන අරගෙන සජිත්ට සහය ළල කළේ ප්‍රතිපත්තියක් ලැජ්ජාවක් කියන දෙකම නැති චම්පික විතරයි.  ඒ නිසා කතා කරපු ගනුදෙනුවල ඉලක්කම් එහෙට මෙහෙට වෙන්න ඇති කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා.


ලජ්ජා නහර කපා දැමූ චම්පික
පසුගිය වසර දෙක තුළ ම චම්පික කළේ රනිල් වර්ණනා කරමින් සජිත්ට බැට දෙන එක.  එතුමාගේ මුහුණු පොතෙන් මකා දාන්න කලින් අපි අපූරු පෝස්ට් සහිත වීඩියෝ කිහිපයක් පිටපත් කර ගත්තා.  “බාල ටිං ටිං උත්තර දෙන නායකයින්ට අහු වෙන්න එපා.  පාඨලීගෙන් සජිත්ට කනේ පහරක්”. “සමගි ජන බලවේගය ගැන බලාපොරොත්තු තියා ගන්න බෑ.  රනිල් වික්‍රමසිංහට අපි අවස්ථාවක් දෙනවා”. “සංකීර්ණ ප්‍රශ්න වලට සජිත් දෙන ටිං ටිං උත්තර”. “අපේ කතා කැපුවේ වෙන කවුරුත් නොවෙයි සජිත්. සජිත් අපේ වෙලාවත් අරගෙන කතා කරනවා. සජිත් වගේ අය පස්සෙන් ගිහින් මට පුරුදු නෑ”. “තාත්තලා ගැන කියලා පුත්තු මනින්න එපා.  පාඨලී සජිත්ගේ රෙදි ගලවයි”. මේ වෙන කවුරුවත් හදපුව නෙවෙයි. රණවකයාණෝ විසින්ම සකසා රණවකයාණෝගේ ම සමාජ මාධ්‍යවල දමා තිබූ වීඩියෝ පට. සජිත් ප්‍රේමදාසට ඡන්දය නොදිය යුත්තේ ඇයි කියලා දැනගන්න ඕනේ නම් රටේ ජනතාව රණවකයාණෝ පසුගිය වසර දෙක තුළ කී කතා ඇසීමයි. චමිපිකට ඡන්දය නොදිය යුත්තේ ඇයි කියලා දැන ගන්න ඕනේ නම් කළ යුත්තේ ඉදිරි මාස එකහමාරේ දී චම්පික සජිත් ගැන කියන කතා ඇසීමයි. මෙහෙම කියපු චම්පික සජිත්ට එකතු වුණා කිව්වාම ජනතාවට හිතෙන්නේ  එක්කෝ සජිත් මැරිලා ඉපදිලා.  නැතිනම් චම්පික මැරිලා ඉපදිලා. එහෙමත් නැතිනම් අපි මැරිලා ඉපදිලා.  හැබැයි ඒ එකක්වත් නොවේ වෙලා තියෙන්නේ.  චම්පිකගේ ලැජ්ජා නහරය ගිය සතියේ සැත්කමකින් ඉවත් කරලා.  ඔන්න ඕකට තමයි කියන්නේ ලැජ්ජා නැතිකම චම්පිකටත් වඩා උසයි කියලා.’’

pe2024 2

worky sin

නවතම පුවත්