theleaderlk 01

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය දීමට තමා තීරණය කර නොමැති බව

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

එමෙන්ම ඇතැම් මාධ්‍ය හා ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලඥයින් තමා පිළිබඳව කරන ප්‍රකාශ වල කිසිදු සත්‍යක් නොමැති බව ද ඔහු කියා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ ඇති වී තිබෙන ගැටළුව මේ වන විට අධිකරණයේ පවත්නා බැවින් අධිකරණය විසින් පක්ෂයේ සභාපතිවරයා කවුද යන්න මෙතෙක් තීන්දුවක් දී නොමැති බව පවසන මෛත්‍රීපාල සිරිසේන, ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව යටතේ සම්පූර්ණ බලතල ඇත්තේ සභාපතිවරයාට බැවින් වෙනත් කිසිදු නිළධාරියකු විසින් කරනු ලබන පත්කිරීම් සහ ගනු ලබන තීරණවල කිසිදු වලංගුභාවයක් නොමැති බවද එකී නිවේදනය මගින් දැනුම්දී සිටියි.

DG4535

මේ අතර සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමගි ජන සන්ධානය හා එක්ව ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බවයි.

සමගි ජන බලවේගය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් එහි මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් පවසන්නේ, හිටපු ජනාධිපතිවරයා සමග සන්ධානගත වීමක් හෝ එවැනි සහායක් හෝ ලබාගැනීමට සමගි ජන සන්ධානයට අවශ්‍යතාවයක් නොමැති බවයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන කිසිදු අපේක්ෂකයකුට තමා සහයෝගය නොදක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකාවක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ද මේවනවිට ප්‍රකාශයට පත්කර ඇත.

සබැඳි පුවත් :

pe2024 2

worky sin

නවතම පුවත්