theleaderlk 01

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා තමන්ගේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට

ලබාදෙන බවට අද (16) දහවල් සහතික වූවේය.

කොළඹ මල් පාර් පිහිටි ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අලි සහීර් මවුලානා මෙලෙස මෙවර ජනාධිපතිවරණයේදී සිය සහාය රනිල් වික්‍රමසිංහ ට ලබාදීමට එකග විය.

1988 වසරේ සිට සක්‍රීය දේශපාලනයේ යෙදෙන අලි සහීර් මවුලානා 1994 වසරේදී මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය.

1545erf

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන්, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට සහය පලකිරීමට ගත් තීරණයට විරෝධය පළකරමින්,  සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් සමගි ජන බලවේගය ඔස්සේ පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරුන් තිදෙනෙකු ද මේවනවිට ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කර තිබේ.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එස්.එම්.එම් මුෂාරෆ් තිදෙනාද ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට තීරණය කර ඊයේ (15) මාධ්‍ය හමුවක් කැඳවමින් එබව ප්‍රකාශකර සිටියේය.

pe2024 2

worky sin

නවතම පුවත්