අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහෝදරියගේ දියණිය වන චංචලා ගුණවර්ධන ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
වෙත සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව ඇත.
චංචලා ගුණවර්ධන සමගි ජන බලවේගයට එක්වීමෙන් අනතුරුව සජබ මාතර දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කර ඇත.
මාතර අකුරැස්සේ අද (17) පැවැති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ජන රැළියට ඇය එක්ව තිබේ.