theleaderlk 01

වංචා, දූෂණ අවම කිරීම සහ සුරාබදු ආදායම් වැඩි කර ගැනීම ඉලක්ක කොට ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තු නිලධාරීන්ට

ආචාර ධර්ම පද්ධතියක් හඳුනාදීමට රජය තීන්දු කර ඇත.

ඒ අනුව සුරා බදු දෙපාර්තමේන්තුවේ කටයුතු නවීන ප්‍රතිසංස්කරණ ගණනාවක් යටතේ ඉදිරියේ සිදු කිරීමට බලාපොරොත්තු වන බව සුරා බදු කොමසාරිස්  ජනරාල්  එම්. ජේ. ගුණසිරි ප්‍රකාශ කළේය.

දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පරිපාලන කටයුතු විධිමත් කිරීම, සියලු කටයුතු ඩිජිටල්කරණය කිරීම, සේවා දායකයින්ට ඉහළ ගුණාත්මක සේවාවක් සැපයීමට හුරු කිරීම ආදිය ද ආචාර ධර්ම පද්ධතිය හඳුන්වාදීමට සමගාමීව සිදු කෙරේ .

එය මේ මස අවසන් සතිය තුළ සිදු කරනු ඇත.

වසර අවුරුදු එකසිය දහයක් පැරණි  සුරා බදු දෙපාර්තමේන්තුව නව ලොවට ගැලපෙන ලෙස වෙනස් කිරීම මේ යටතේ සිදුවේ.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා ලෙස ලබා දුන් උපදෙස් සහ මගපෙන්නවිම් මේ සඳහා විශාල වශයෙන් සහයක් වූ බව ද කොමසාරිස් ජනරාල්වරයා  සඳහන් කළේය.

(ජේ. මුණසිංහ)

pe2024 2

worky sin

නවතම පුවත්