නිල්වලා ගඟ ව්‍යාපාරයේ අතිරික්ත ජලය වියළි කලාපයට ගෙන යන වැඩසටහන් සිදු කිරීමට තමන් බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (17) අකුරැස්සේ පැවැති ජන රැළිය අමතමිනි.
විපක්ෂ නායකවරයා එහිදී මෙසේද පැවසිය.
කෘෂිකර්මාන්තය අපේ රටට ඔබින්නෙ නැද්ද...?
‘‘නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා ජනතාව අසරණ වී සිටි අවස්ථාවේ ඒ ගැන අවස්ථා ගණනාවක දී මම ඇතුළු සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කතා කරා. ඒ අවස්ථාවල කරුණු ඉදිරිපත් කරද්දි රජය ඒ ගැන තඹ සතයකවත් ගණන් ගැනීමක් කරේ නෑ. මේ ගැන සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරල තිබුණ මොහොතක වන්දි නොලැබුණු ගොවි ජනතාවට වන්දි ලබා දෙන්න කියල ඉල්ලීමක් කරාම විට වත්මන් ජනාධිපතිවරයා මේ ප්‍රදේශයේ කුඹුරු අක්කර දහදාහක් ආණ්ඩුවට ගන්න තීරණය කරා. ගොවිබිම් අක්කර දහදාහ ආණ්ඩුවට ගෙන වෙනත් කටයුතුවලට යොදවීමට තීරණය කරල තියෙනවා.
මම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කරද්දින වත්මන් ජනාධිපතිවරයා විසින් ‘කෘෂිකර්මාන්තය අප රටට ඔබින්නේ නැහැ’ කියල කිව්වා. ඔහුට කෘෂිකර්මාන්තය වටින්නේ නැති වුනාට මට ගොවියා සහ කෘෂිකර්මාන්තය වැදගත්. මේ නිසා සමගි ජන බලවේගයේ විසඳුම වන්නේ මේ ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට විසඳුමක් ලබා දීලා, මේ ගොවිබිම් ආරක්ෂා කරලා, ඒ මුදල් උපයෝගී කර ගෙන තවත් විදේශ ආධාර ලබා ගැනිම යි.
තේ සහ කුරුඳු කර්මාන්තය වැඩි දියුණු කරනවා
අද වන විට තේ කර්මාන්තශාලා බරපතළ අර්බුධයකට ලක්වෙලා. නැවත වගාවට සහනයක් ලැබෙන්නෙ නෑ. ඒ නිසා වගාකරුවන්ට අධික මුදලක් වැය කරන්න සිද්ද වෙලා. සමගි ජන බලවේග රජයක් තුළ කෘෂිකර්මාන්තයේ නියැළෙන ගොවි ජනතාවට දරාගත හැකි මුදලකට කෘෂිකර්මාන්තයට අවශ්‍ය, ගුණාත්මකභාවයෙන් ඉහළ යෙදවුම් ලබා දෙනවා.
ඒ වගේ ම මේ වෙද්දි කුරුඳු කර්මාන්තයෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගන්න බැරි වෙලා තියෙනවා. ඒ ක්ෂේත්රයටත් සුහුරු කෘෂිකර්මාන්තය හඳුන්වා දීලා, අපනයන වෙළෙඳ ක්ෂේත්රයේ තවත් වෙළෙඳපොළවල් රාශියක් ආක්රමණයකරන්න පුළුවන් තැනට පත් කරනලා, යුරෝපයට ජපානයට යැවිය හැකි ගුණාත්මක භාවයෙන් ඉහළ කුරුඳු වගාවකට වගාකරුවන්යොමු කරවනවා.
අනෙක් පැත්තෙන් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරලා, සුහුරු තාරුණ්‍ය නිර්මාණය කරන්න නව තාක්ෂණ ක්‍රමවේදවලට රටේ තරුණ තරුණියන්ට නිදහසේ, නොමිලේ පුහුණුව ලබා ගන්න අවස්ථාව ලබා දෙනවා. යොවුන් සේනාංක, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන යනාදි ආයතන හරහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවෙන නිසා මේ ආයතන තවදුරටත් ශක්තිමත් කරලා ඉන්දියාවේ වගේ IIT මෙන් ම IIM යනාදි ආයතන ඇති කරනවා.
(සටහන - ජයසිරි අලවත්ත)