මීට පෙර දිනයිදෝ සැකයෙන් සිටි එජාප නියෝජිතයන් අද මහරගම ආසන බලමණ්ඩලයට මෙලෙස පැමිණ සිටින්නේ දැඩි ජයග්‍රාහී මානසිකත්වයකින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසී ය.
හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (17) මහරගම ආසන බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
එහි දි වැඩි දුරටත් අදහස් දැක්වූ එස්. එම්. මරික්කාර්...
සජබ ජයග්‍රහණය වළක්වන්න එජාපය උත්සාහ කරනවා
‘‘පෙර මැතිවරණවල දී අපේ පක්ෂයේ ජය පිළිබඳ පැවති දෙගිඩියාව සම්පූර්ණයෙන්ම පහවෙලා ගිහින්. යනෙන සෑම තැනක ම, දකින හමුවන සෑම ශ්‍රී ලාංකිකයෙකු ම සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් වීම පිළිබඳ අපේක්ෂාවෙන්, පක්ෂය වටා රොක් වෙමින් සිටිනවා. තවත් දවස් තිස් හතරකින් පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විජයග්රහණයක් ලබන බවට කිසිදු මිනිසෙකුට කිසිදු සැකයක් නෑ.
ගමේ, හන්දියේ, කඩපොළේ, ත්‍රීරෝද රථයේ, මළගෙදර, මඟුල් ගෙදර, දානෙ ගෙදර, බණ ගෙදර ආදී සියලු තැන්වල කතා වෙන්නේත්, බලාපොරොත්තු පළ කරන්නේත් සජිත්ගේ ජය ගැන පමණයි. ප්‍රතිවාදී පක්ෂවල නියෝජිතයන් පවා පවසන රටේ පවතින දේශපාලන යථර්ථය වන්නේ සජිත්ගේ ජයග්‍රහණය. රනිල් වික්‍රමසිංහ මහතා සෙවණේ ඉන්න අය පවා සජිත් දිනන බව දැන දැන් කරන්නේ ඒක වැළැක්වීමට උත්සාහ කරන එක.
පෝලිම් නැති කරපු අය දිනවන්නට කියන්නේ පෝලිම් ඇති කරපු අයම යි
පෝලිම් නැති කරපු කෙනාට ඡන්දෙ දෙන්න කියන්නේ පෝලිම් හදපු සෙට් එක නේද….? නිවසේ බල්බයක් දල්වද්දී, ජල කරාමයක් අරිද්දී අද ජනතාවට දෙවරක් සිතන්නට සිදුවෙලා තියෙනවා. පවුලක් ගතයුතු ආහාර මොනවාද..? අසනීපයකට භාවිත කළ යුතු බෙහෙත් මොනවාද..? තම දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ කෙසේද..? කියලා මෙරට මහජනතාව නැවත නැවත සිතන්නේ වත්මන් පාලකයාට දෙස් තියමින්. තමාගේ හා තම දූදරුවන්ගේ අනාගතය ගැන කිසිදු බලාපොරොත්තුවකින් තොරව අසතුටින් හූල්ලමින් දිවි ගෙවන ජාතියක් බවට අපි පත්වෙලා.
එවන් ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරන අප ඉදිරියට පැමිණ ඔවුන් මෙහෙම කියනවා. “පෝලිම් නැති කළ රනිල්ට ඡන්දය දෙන්න”. පෝලිම් නැති කළ අය දිනවන්නට කියන්නේ පෝලිම් ඇති කළ අය ම නේද? වර්තමාන ජනාධිපතිවරයා පෝලිම් අවසන් කරේ පෙර පැවති තත්වයට රට ගෙන ඒමෙන් නම් අපි කාටවත් ප්‍රශ්නයක් නෑ. පෙර පරිදිම බිත්තරයක් රුපියල් දහතුනකට, පෙට්‍රල් ලීටරයක් රුපියල් එකසිය දාහතකට, ගෑස් සිලින්ඩරය රුපියල් එක්දහස් හයසීයකට හෝ හාල්, පරිප්පු, ජල විදුලි බිල්පත් ආදි සියල්ල තිබුණ මිලට ම ලබා දීලා පොලිම් අවසන් කරා නම් අපි සියලු දෙනා සතුටු වෙනවා.
සත්‍ය වශයෙන් ම සිද්ද වෙලා තියෙන්නෙ පෝලිම්වල හිටපු මිනිස්සු: හොයපු, ඉල්ලපු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල, අස්වාභාවිකව හා අසාධාරණව ඉහළ ගියපු එක. මෙරට ජනතාව ජීවත්වන්නේ ලැබෙන ආදායමට අනුව තමන්ගෙ අවශ්‍යතා සකසා ගෙන. පෝලිම් නිමා වෙලා නම්, ඒ ආර්ථික න්‍යාය නිවැරදි නම්, ඒකෙන් රටවැසියා තෘප්තිමත් නම් අද කවුරුවත් මේ හමුවට සහභාගී වෙන්නෙ නෑ. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන්න මේ තරම් උවමනාවක් රටේ පවතින්නේ, පෝලිම් නැති කිරීමේ සැබෑ අසීරුතාව ජනතාව මැනැවින් අවශ්‍ය වෙලා තියෙන නිසා.
තවදුරටත් ධනකුවේරයන්ගේ අනාගතය සරු කරන්න එපා
ජනතාවගේ සැබෑ ජීවන තත්වය පිළිබඳ නොදන්නා. මිනිසුන්ගේ දුක බඩගින්න, දුෂ්කරතා නොතකන වලව්කාර පැළැන්තිය වෙත ඒ හා සමාන ප්‍රතිඋත්තර බැඳිම තමයි මේ සිදුවෙමින් පවතින්නෙ. පොඩි මිනිසුන්ගේ අවශ්‍යතා නොසළකා හැරලා, බලය වෙනුවෙන් ක්‍රීඩා කරන වලව්කාරයන්ගේ අවශ්‍යතා. මේ මොහොතේ සාමාන්‍ය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. මෙරට සාමාන්‍ය ජනතාව මේ මොහොතේ සලකා බලන්නේ, තවදුරටත් ධනකුවේරයන්ගේ අනාගතය සරු කරනවාද...? එහෙමත් නැතිනම් මේ තරම් දුක්විඳින තමා සහ තම දරුවන්ගේ අනාගතය සරු කරගන්නවා ද කියන එක.
ඔබේ පවුලේ ආහාරය වෙනුවෙන් ඉතා අධික මිලකට හාල් කිලෝව, පරිප්පු පන්සියය, සීනි දෙසිය පනහ, තේ කොල සියය ඉහළ බද්දක් ගෙවලා මිලදී ගත්තට පස්සෙ ඒ මුදල හොරා කන්න ඉඩ නොතබා ජන දුක හඳුනන, ඒ දුක නිවන නායකයෙකු පත් කරගන්නට ජනතාව තීරණය කර අවසන්. දුක, වේදනාව, බඩගින්න, දරු කැක්කුම සහ ඔවුන්ගේ අධ්‍යාපනය යන අවශ්‍යතා කිසිවිටෙක ජාති, ආගම් හෝ ප්‍රාදේශීය වශයෙන් වෙනස් නොවන සරළ මෙන්ම අත්‍යවශ්‍ය ම මානුෂීය අවශ්‍යතා. ඒ පොදු මානුෂීය අවශ්‍යතා දිනා ගැනීම උදෙසා මෙරට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී සියලු ජාතීන් ද, උතුර, දකුණ, නැගෙනහිර, බටහිර, සහ රට මැද සියලු පුරවැසියන් ද අපේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි විශ්වාසය තබල තියෙනවා.’’
(සටහන - ජයසිරි අලවත්ත)