theleaderlk 01

වංචාව දූෂණය පිටුදැක අප රටේ දැඩි මූල්‍ය විනයක් සහ මූල්‍ය කළමනාකරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ අණපනත් රාශියක් සම්මත කරගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන ප්‍රකාශ කළේය.


දිගු කලක් තිස්සේ මෙරටේ අඩුපාඩුවක්ව පවතින ජාතික සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තියක් නොමැතිකම මගහරවා ගනිමින් ඒ සඳහා වූ පුළුල් ජාතික දැක්ම,  මාර්ගෝපදේශ සහ උපායමාර්ගය වැඩපිළිවෙළ ඉකුත්දා (16) කොළඹදී එළිදැක් වු අවස්ථාව අමතමින් ලේකම්වරයා එසේ කීය.

මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලුමෝදර හෝටලයේදී ද මේ එළිදැක්විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ මෙම ජාතික දැක්මට අනුමැතිය පසුගියදා 13 දා හිමිව තිබිණ. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා මෙසේද කීය.

කෙටි කාලයකින් අපේ රට යළි නැගී සිටිනවා...


''අපේ රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. ඒ මීට අවුරුදු දෙකකට දෙකහමාරකට ඉස්සර. අද වනවිට ඉන් මිදී තිබෙනවා. කෙටි කාලයකින් අපේ රට යළි නැගී සිටිනවා.

නිදහසින් පසු ශ්‍රී ලංකාව විවිධ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇත.  කෙසේ වෙතත්, සමාජ ආරක්ෂණය තනි අංශයක් ලෙස සංකල්පගත කර හෝ කළමනාකරණය නොකළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සමාජ ආරක්ෂණය සඳහා පරිපූර්ණ ජාතික දැක්මක්, ප්‍රතිපත්තියක් හෝ උපාය මාර්ගයක් නොතිබුණි. 

ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාව තුළ සමාජ ආරක්ෂණය පිළිබඳ පිළිගත් රජයේ නිර්වචනයක් පවා නොතිබුණි.

පුළුල් ප්‍රතිපත්ති මාර්ගෝපදේශයක් සහ ඒකාබද්ධ උපාය මාර්ගික රාමුවක් නොමැතිකම සමාජ ආරක්ෂණය සම්බන්ධයෙන් වර්තමානයේ පවතින අභියෝග සඳහා ප්‍රධාන හේතුව ලෙස සැලකේ. 

ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා ජාතික සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිය ජාතික දෙපාර්තමේන්තුව විසින් සකස් කර ඇත.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සැලසුම් කිරීම,මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ අවශ්‍ය තාක්ෂණික මාර්ගෝපදේශ සැපයීම සඳහා තාක්ෂණික කමිටුවක් ස්ථාපිත කර ඇත.  

ඒ අනුව, ජාතික සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිය සියලුම ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ ඉතා සහභාගීත්ව ක්‍රියාවලියක් හරහා සහ මහජන අදහස් වලින් ලැබෙන අදහස් සමඟ සකස් කර ඇත.

මෙම ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්, විදේශීය ආයතන නියෝජිතයින්, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු  ඇතුළු විශාල පිරිසක් සහභාගී සිටියහ.

(ජේ. මුණසිංහ) 

 ms 234234

ms4yen 5nu5

මුදල් අමාත්‍යංශ ‍ලේකම් කේ. එම්.මහින්ද සිරිවර්ධන ඇතුළු සම්භාවනා පිරිස ජාතික ප්‍රතිපත්ති එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්...

 

pe2024 2

worky sin

නවතම පුවත්