හොරාකෑම නවතා. හොර මගඩිය නවත්තා මේ රටේ ඇත්ත ක්‍රම වෙනසක් කිරීම සඳහා නුවන් බෝපගේ වෙනුවෙන් ඡන්දය
පාවිච්චි කරන්නැයි ජන අරගල සන්ධානයේ වසන්ත මුදලිගේ ඉල්ලා සිටී.
ඔහු මෙම ඉල්ලීම කළේ අද(18) දින පැවති මාධ්‍ය හමුවක දී ය.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ වසන්ත මුදලිගේ...
සමහරු අලුතෙන් ම ජනාධිපති වෙන්න සූට් මහගෙන බලාගෙන ඉන්නවා
‘‘අද ජන අරගල සන්ධානය මේ හමුව කැඳවන්නේ මැතිවරණ වේදිකාවල කතාවෙන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ජනතාව කල්පනා කරනවා ඊළඟට එන ජනාධිපති මේ ප්‍රශ්න විසඳයි කියලා. රනිල් ඊයෙ කිව්වා ‘මං බංකොලොත් භාවයෙන් රට බේරගත්තා ඒ නිසා මට ඡන්දෙ දෙන්න’ කියලා. පහුගිය කාලේ හැම පක්ෂෙට ම පැන පැන හිටපු නිමල් සිරිපාලල ඇතුළු නඩය ඒකට හුරේ දානවා. තව පැත්තකින් නාමල් එනවලු රට බේරගන්න. තිස්ස කුට්ටි ආරච්චිලා ජෝන්ස්ටන්ලා එයාට හුරේ දානවා. විපක්ෂෙ පැත්තෙන් සජිත් ඇතුළු පිරිසත් රට බංකොලොත් භාවයෙන් බේරගන්නව කියලා හුරේ දානවා. තව අය අලුතෙන්ම බලේ ගන්න ඇවිත් ජනාධිපති වෙන්න සූට් මහගෙන බලාගෙන ඉන්නවා.
පක්ෂවලට කෝටි ගණං සල්ලි කොහෙන්ද...?
දැන් මේ හැමෝම යන පාර තමයි අයි එම් එෆ් පාර; රටේ ජනතා දේපළ විකුණන පාර. මේ ණය ගන්න කෙවිට දැන් තියෙන්නෙ රනිල් අතේ. මේ කෙවිට ගන්න තමයි හැමෝම පොරකන්නෙ. අපි කියන්නෙ කෙවිට අතේ තියෙන කෙනා මාරු වුනාට කෙවිටෙන් බැට කන්නෙ ජනතාව. ඒ නිසා අපි, මේ කෙවිටත් එක්කම කෙවිටෙන් අපිට තළන හැමෝම එකට තියල පරාජය කරන්න ඕන. අපි දැක්කා මැතිවරණයට කෝටි ගණං වියදම් කරන්න අපේක්ෂකයෝ සූදානම් වෙලා ඉන්නව. ස්වාධීන කියාගෙන එන රනිල් ඡන්දෙට රාජ්‍ය භාණ්ඩාගරේ සල්ලි වියදම් කරනවා; එයාගෙ කැම්පේන් එකට රාජ්‍ය මාධ්‍ය අවභාවිතා කරනවා. දැනට පනතෙ තියෙන විදියට එක ඡන්ද දායකයෙක්ට පක්ෂයකින් වැය කරන්න පුලුවන් රුපියල් විස්සයි. හැබැයි සිකුරාදා සාකච්ඡාවේදි පක්ෂ කියලා තිබුණෙ මේ ගාන දෙසීයක්, තුන්සියක්, හාරසියක් දක්වා වැඩි කරන්න කියලා. එතකොට මේ පක්ෂවලට කෝටි ගණං සල්ලි කොහෙන්ද...? මේ එළියට එන්නේ හොරාකාලා හංගපු සල්ලි; ජාවාරම්කාරයන්ගේ සල්ලි. ඊට පස්සෙ බලේ අරං මේ හොරු ජාවාරම් කාරයෝ සතුටු කරන්න තමයි සූදානම් වෙන්නෙ.’’
''එදා අරගලකරුවො වෙනුවෙන් හිටගත්තෙ නුවන් බෝපගේ'' - මොරින් නූර්...
එහි දී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ මොරින් නූර්...
මේ රටට ඩොලර් ගේන්න උදව් කරපු විදෙස් කාන්තාවෝ තුන්දෙනෙක් ගැන රනිල් කිව්වා. අපි රනිල්ගෙන් අහන්නෙ. මේ රටේ දුක් විඳින, පිටරවල ගිහිල්ලා දුක් විඳින, තේ දළු කඩන, ගාමන්ට්වල වැඩකරන කාන්තාවෝ රනිල්ට අමතක වෙලා ද? අපේ රටේ ගැහැනු හැමදාම දුක් විඳිනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා කාන්තාවෝ දිවි නසා ගන්නවා. දැන් අවුරුදු හැත්තෑ පහක් විතර පාලකයෝ මේ රටේ ඉන්නවා. හැබැයි තාම රට ගොඩගන්න මේ ගොල්ලන්ට බෑ. මේගොල්ලො වෙසක් කාලේ ඔළුබක්කො වගේ අලුත් වෙස් මුහුණු දාගෙන කාලෙන් කාලෙට ඡන්දෙ ඉල්ලන්න එනවා.
දැන් අලුතෙන් ආපු පක්ෂත් කියනවා සහෝදරයා අපි ප්‍රශ්න විසඳනවලු. අපි අහන්නෙ ඒගොල්ලොත් හිටියෙ ඔය පාර්ලිමේන්තුවේ නෙමෙයි ද ? මේ කාටවත් රටේ ප්‍රශ්න අදාළ නෑ. මේගොල්ලන්ට ඕන හොරාකාපු සල්ලිවලින් මේ ඡන්දෙ දිනලා ආයෙම හොරා කන්න. අපි මේ ඉදිරිපත් කළ නුවන් බෝපගේ සහෝදරයා තමයි එදා අරගලකරුවන් වෙනුවෙන් හිටගත්තෙ; උතුරේ අතුරුදන් වූවන් වෙනුවෙන් පෙනී හිටියෙ. පාලම් හදන්නම් වතුර දෙන්නම් කියලා බොරු පොරොන්දු දෙන්න අපිට ඕන නෑ. අපි කියන්නෙ කරන්න පුළුවන් දේ. දැන් අලි බබාල එනවා ඡන්දෙ ඉල්ලන්න. ගොං පුත්තු ඇවිල්ලා ඡන්දෙ ඉල්ලන්න. අපි කියන්නෙ ඒගොල්ලන්ට කරන්න පුළුවන් දෙයක්. නෑ.
''දැන් බොහෝ අයට වැස්ස එක්ක ඡන්ද වේදිකාවල කුඩ ඉහලන්න වෙලා'' - තරිඳු උඩුවරගෙදර
එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ තරිඳු උඩුවරගෙදර
මේ වෙලාවෙ තියෙන ඇත්ත අර්බුදයට ඉහලන්න වෙන්නෙ කුඩය තමයි . දැන් අපි දැක්කා අර අපේක්ෂකයෝ වගේ අන්දවල වීඩියෝ කරනවා . කිසිම ප්‍රතිපත්තියක් කතාකරන්නෑ.
පවිත්‍රා කියනවා රනිල්ට සහය දෙන්නෙ බුද්ධිමත් අයලු. ඒ කියන්නෙ පවිත්‍රට මේ වෙනකල් මොළයක් තිබිලා නෑ. දැන් පක්ෂ ඇතුලෙ ප්‍රතිපත්ති ගැන විවාද ගොඩයි . නිශ්චිත වැඩපිළිවෙළක් එළියට දාගන්න මේ කාටවත් බැරි වෙලා තියෙන්නෙ . ඔන්න දැන් සමහර අයට මතක් වෙලා විධායකේ අහෝසි කරන්න ඕන කියලා . හැබැයි මැතිවරණ වේදිකවට මේක ගේන්න කාටවත් බැරි වෙලා .
දැන් තියෙන්නෙ පාරවල් දෙකයි. IMF යන එක . නැත්නම් නොයා ඉන්න එක. දැන් 9 වතාවක් IMF ගියා. 6 වතාවක් කොන්දේසි ඉටු කලා. 1990 ගණංවල රාජ්‍ය ව්‍යවසය සංවර්ධනය කියලා කර්මාන්ත පෞද්ගලිකරණය කලා අයි එම් එෆ් සතුටු කරන්න.
දැන් සමහර විට කුනු කොල්ලෙට විකුණපුවා නැවත පවර ගන්න වුනා. මිනිස්සු සටන් කලා.
දැන් මිනිස්සු මේක ඇති කියලා පාරට බැහැලා ඉන්න ජනාධිපති එලෙව්වට පස්සෙත් 16 වෙනි වතාවටත් මේගොල්ලො IMF ගියා. අපි කියනවා අපි පැහැදිලිව IMF එකෙන් ඉවත් වෙනවා. සුරංගනා කතා නොකියා මැතිවරණ ප්‍රතිපත්ති වලට මේ තීරණ දාලා පෙන්නන්න කියලා අපි ඔය අපේකයන්ට අභියෝග කරනව.
සෞඛ්‍ය අධ්‍යාපනය විකුණනවද නැද්ද . ජනතා සුබසාධන තියෙනවද නැද්ද කියලා තමන්ගේ ඍජු ප්‍රතිපත්ති පුලුවන් නම් ජනතාවට කියන්න.
දැන් මේ සමහර පක්ෂ කෝටි 34 පමණ ඡ්න්දෙට වියදම් කරන්න සූදානමින් ඉන්නෙ. පෝස්ටර් ගහන්න ලීප්රට් බෙදන්න රැස්වීම් තියන්න වගේ වැඩවලට මුදල් වෙන් කලත් මීට අඩුවෙන් මැතිවරණ ව්‍යාපාරය ගෙනියන්න පුලුවන් . හැබැයි දැන් මාධ්‍ය ආයතන මිළට ගනිමින්. ජනතාව මංකොල්ල කමින් මේ පාල්කයෝ තමන්ගේ ඡන්ද ව්‍යාපාරය ගෙනියන්නෙ. තමන්ගේ බලය පෙන්නන්න. අනිත් කෙනාට වඩා තමන්ගේ තත්වෙ පෙන්නනන්න තමයි මැතිවරණ කොමිෂමට ගිහිල්ලා මේගොල්ලො හැමෝම දැන් පොරකන්නෙ අපිට අච්චරක් වියදම් කරන්න දෙන්න. අපිට මෙච්චරක් වියදම් කරන්න දෙන්න කියලා .
හැබැයි අපි ජනතාවට කියනවා මේගොල්ලො දැන් ඉදිරියේදී එළියට දානවා කියන ප්‍රතිපත්ති දිහා අවධානයෙන් ඉන්න.